IMG-LOGO

කහ කිලෝ 818 ක් නාවික හමුදාව සොයාගනී

(ඉන්දිකා  රාමනායක) 

මන්නාරමට උතුරු මුහුදු ප්‍රදේශයේදී සහ වන්කාලේ වෙරළ තීරයේදී  නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 818 ක්  නාවික හමුදාව අද (16) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.

මින් කිලෝ 510 ක ප්‍රමාණයක් උතුරු මුහුදේ දී ඩිංගි යාත්‍රාවක් මගින් මෙරටට රැගෙන එමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.

ගෝනි  12 ක ඇසුරු මෙම කහ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු නවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් මේවා ඉන්දියාවේ සිට රැගෙන විත් ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර මන්නාරම වන්කාලේ  වෙරළ තීරයේ දී  නාවික හමුදාව අද  පස්වරුවේ සිදු කළ  සෝදිසියකදී  වෙරළ තීරයේ ගෝනි 5 ක අසුරා සඟවා තිබූ තවත් වියළි කහ කිලෝ 308 ක ප්‍රමාණයක් සොයා ගත් බවද නාවික හමුදාව සඳහන් කරයි.

කිසියම් පිරිසක් මෙම වියළි කහ තොගය ද මුහුදු මගින්  මෙරටට රැගෙනවිත් සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක කරයි.

 



අදහස් (2)

කහ කිලෝ 818 ක් නාවික හමුදාව සොයාගනී

Bamunuarachchi Thursday, 17 September 2020 01:02 AM

ජනාධිපතිතුමාගේ ගෙදර හදන කෑමවලට කහකුඩු දානවද? එහෙනම් ඒ කහකුඩු ලැබෙන්නේ කොහොමද? සාමාන්‍ය ජනතාවටත් ඒ ක්‍රමයට කහකුඩු ගෙන්වන්න පුළුවන්ද?

:       0       0

Bamunuarachchi Saturday, 19 September 2020 06:01 AM

නාවික හමුදාවට ප්‍රමෝෂන් දෙන්න අවටින් අල්ලා ගැනීමක්.. කහකුඩුද කියලා ශුවර්කර ගැනීමට රසපරීක්ෂකට යවන්න එපා. මොකද එයත් කහකුඩු ස්වල්පයක් දමනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site