ශිරාන් රණසිංහ
වසර පහක් තිස්සේ නැවතී තිබු මන්නාරම හා කාවේරි ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ගවේෂණය ලබන මස මුල් සතියේ යළි ආරම්භ කිරිමට ප්‍රංශයේ මෝටල් සමාගම කටයුතු යොදා තිබේ.
මෙම සමාගම විසින් ජේ.එස්.05 සහ ජේ.එස්.06 කොටස්වල ගවේෂණ කටයුතු ඒ අනුව ආරම්භ කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මන්නාරම,කාවේරි සහ ලංකා ද්‍රෝණිය යාපනයේ සිට ගාල්ල දක්වා තෙල් හා ස්වභාවික ගෑස් නිධි කොටස් 25 ක් මේ වනවිට හඳුනාගෙන ඇත.
ඉන්දියාවේ කායිරන් නැමති සමාගම 2007 වසරේ සිට තෙල් හා ගෑස් නිධි ගවේෂණයේ නිරතව සිටියදී 2013 සිට එම සමාගම එම කටයුතු නතර කර දමා තිබිණි.
මෙරට මුහුදු තීරයේ තෙල් හා ගෑස් නිධි ගවේෂණ කටයුතු ආරම්භ කිරිමට අදාළ ප්‍රංශයේ මෝටර් සමාගම හා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය එකඟතා ගිවිසුමකට අත්සන් තැබු අතර මීට අදාළව ඇමැති අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොටාල් සමාගම විය යුතුයි..
වසර ගණනාවක් තිස්සේ මා පදිංචි මේ රටේ මෙවැනි සමාගමක් ගැන මා අසා නැත. කෙසේ වෙතත් කලකට පෙර ශ්‍රී ලංකාවේ තෙල් නිධි ගවේෂණ කටයුතු කලේ ප්‍රංශයේ ටෝටාල් සමාගම බව නම් මා අසා ඇත.