(හර්ෂණ තුෂාර සිල්වා)
කාලගුණික තොරතුරු වඩාත් විධිමත්ව ප්‍රකාශ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට සහයෝගය දැක්වීමට ඇමරිකාවේ නොට්‍රිඩෑම් විශ්වවිද්‍යාලය එකඟගත්වය පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉකුත් මාර්තු මාසයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම විශ්වවිද්‍යාලය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව එම විශ්වවිද්‍යාලය මෙලෙස එකඟත්වය පළ කර තිබේ.
එම ගිවිසුමේදී කාලගුණික බලපෑම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන මානව ආපදා කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සහයෝගය දෙන්නැයි එම විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි.
මේ අනුව එම විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ ‘අන්තර් මෝසම් උච්චාවචනය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ව්‍යාපෘතියට අනුව මෙරට තුළ වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසා හා වේගය ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ජේ.එස් ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන අතර නාරා ආයතනය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
ලබන වසරේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2020 වසර වන විට අවසන් කිරීමට නියමිතය.
COMMENTS
ඔන්න යහපාලන රජයට තිබෙන ජාත්‍යන්තර පිළිගැනිම. අපේ ප්‍රණාමය.!!!
ඔයිට කලින් ගෙනාපු රේඩාර් පද්ධතියක් හයි කරන්න යනකොට කන්දක් පල්ලමට පෙරලිලා විනාශ වුණා නේද? ඒ දේ මේ කරන්න යනදේටවත් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
එතකොට වහිනවද?
හැමදේම නිකන් දෙනු ඇතියි විශ්වාස කල නොහැකිය. ඕනෑම ද්විපාර්ශවීය සම්බන්ධතා වල හොඳනරක දෙකම තිබේ. මෙහෙම සම්බන්ධතා දියුණුවන අපවැනි රටවලට අත්‍යවශ්‍යයි. දේශපාලන පුද්ගලික වාසි වලින් තොරව රටේ දියුණුවට ක්‍රියාත්මක කිරීමයි වටින්නේ... රජය ගෙනයන විදේශ ප්‍රතිපත්තිය සුබදායි බවයි පෙනෙන්නේ !!! පෙරදිගින් එන සුළඟට නිවාස තුලට ඒමට ඉඩදෙන්න. නමුත් එහි සුළඟින් නිවසේ ඇති දේ විනාස නොවන්නට බලාගනිත්වා !!! මගේ රටට බුදුසරණයි ජයවේවා !!!