IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා

රෝවන් පෙරේරා

කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම පරන එලුවන්කුලම මාර්ගයේ ගමනා ගමනය අද සවස් කාලයේ සිට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

දින කිහිපයක පටන් පැවති අධික වර්ෂාවත් සමග කලාඔයේ ජලමට්ටම ඉහළ ගොස් පරන එලුවන්කුලම ක්‍රොස්වේ ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදිකර ඇති සපත්තු පාලම අඩි දෙකකින් පමන යටවී ඇත.

කොළඹ-මන්නාරම, පුත්තලම - මන්නාරම, කල්පිටිය - මන්නාරම ඇතුලු මගී ප්‍රවාහන බස් රථ මෙම මාර්ගයේ ගමන් කරන අතර මෙම මාර්ගය භාවිතා කිරීමට නොහැකිවීම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගය හෝ පුත්තලම  නොච්චියාගම ඔයාමඩුව තන්තිරිමලේ හරහා මන්නාරම මාර්ගය භාවිතා කිරීමට සිදුවී ඇත.

පුත්තලම ආපදා කලමනාකරණ ඒකකයෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ අප විසින් විමසන තෙක් තවමත් ඒ පිළිබඳ ඔවුන්ට වාර්තාවී නොමැති බවයි.



අදහස් (0)

කලාඔය පිටාර ගැලීමෙන් මාර්ග අවහිරතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site