( දයාරත්න ඇඹෝගම)
ප්‍රසිද්ධ කිරි ආහාර නිෂ්පාදන සමාගමක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන් සඳහා රුපියල් දොළොස් කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් මෙතෙක් ගෙවා නැතැයි අනුරාධපුර කිරි නිපදවන්නන්ගේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ ලේකම් එස්.තිලකසිරි මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවි සමිති 320 ක් වන අතර එහි සමාජික සංඛ්‍යාව හයදහසකි. මෙම කිරි ගොවියන් සදහා මෙම කිරි සමාගමෙන් විශාල මුදලක් අයවිය යුතුව ඇති බව එස්.තිලකසිරි මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලකසිරි මහතා වැඩි දුරටත් මෙසේද පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන්ට මේ සමාගමෙන් රුපියල් දොළොස් කෝටි හතලිස් ලක්ෂයක් අය වෙන්න තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට කිරි ලිටර් 8000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.ඒ සඳහා සති දෙකෙන් දෙකට මුදල් ගෙවනවා. එහෙත් ජුනි මාසයේ සිට මේ දක්වා මෙම කිරි සමාගම කිරි ගොවියන්ට මුදල් ගෙවා ඇත්තේ එක් වාරිකයක් පමණයි.
මෙම හේතුව නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිහු මහත් අසිරුවට පත්ව ඇති බවද එස්. තිලකසිරි මහතා මෙහිදි පැවසිය.කිරි ගොවින් සදහා මෙම සමාගම විසින් කිරි ගොවීන් සඳහා මුදල ගෙවීම දිගින් දිගටම පැහැර ඇරීම පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් කිරි ගොවි ඒකාබද්ධ බල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අනුරාධපුරය දිසාපති ආර් .එම්.වන්නිනායක මහතා හමුවී ඒ සදහා විසදුමක් ඉල්ලා සිටියද තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව ඔවුහු පවසති. ‘
COMMENTS
සමාගමේ නම කියන්න. එක්කෝ සමගම මුලු මුදලම ගෙවයි. නැතිනම් සදහටම කිරි මිලදී ගැනීම නවත්වයි. අනිකුත් ප්‍රදේශවල ගොවි ජනතාව සමාගමට කිරි දීම නවත්වයි. කවුරුන් හෝ කවදා හෝ පාඩම ඉගෙන ගත යුතුවේ.
දැන්වත් මේ සමාගම කිරි ගොවියගේ සල්ලී ගෙවයිද කියලා බලමු. එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලය ළඟ උද්ඝෝෂණයක් ආරම්භ කරමු. රට පුරා කිරි ගොවින්ට හා පාරිභෝගිකයන්ට මෙම සමාගමේ නිශ්පාදන වර්ජනය කරන ලෙස එමගින් දැනුවත් කල හැකිවන අතර බහු ජාතික සමාගම් වලට මෙරට නිශ්පාදකයා හා පාරිබෝගිකයා සූරා කෑමට ඇති අවස්ථා අහෝසි කිරිමට අත්වැල් බැද ගනිමූ.
මෙන්න රජයට හොඳ අවස්ථාවක් තවත් රාජ්‍ය ඇමති කෙනෙක් පත්කරන්න.