(ජේ.කේ.එල් චාමින්ද)
වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒකක පහක සේවය කරණ වෛද්‍යවරු හෙට (12) උදැසන 8.00 සිට සිය සේවා කටයුතු වලින් ඉවත්ව රෝහල් අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලය වෙත වාර්තා කිරිමට තින්දු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා පවසයි.
කරාපිටිය රෝහලේ රථගාලේ තමන්ගේ පෞද්ගලික වාහන නතර කර සේවයට වාර්තා කරන වෛද්‍යවරු පමණක් හෙට දින සේවා කටයුතු වලින් ඉවත් වීමට තින්දු කර ඇති බවද වෛද්‍ය මංජුල සොයිසා මහතා පැවසිය.
අක්ෂි, උගුර කණ නාසය, විකලාංග ශල්‍ය සහ ළමා රෝග යන ඒකකවල සේවය කරන වෛද්‍යවරුන්ට ආරක්ෂාව තහවුරු කරන තෙක් රෝහල් අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද වෛද්‍ය මංජුල සොයිසා මහතා පැවසිය.
COMMENTS
මේ අයට රෝගීන් අපහසුතාවට පත් කරන්න කොහෙන් හරි මොනවා හරි අවස්ථාවල් එනවා. ඔවුන්ට මේ පහත් වැඩ නොකරම බැහැ. ඒකත් සාධාරණ හේතුද?