(ඩයනා උදයංගනී)
යාපනය, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක තුනේ හිටපු අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික සංහිඳියාව, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කැබිනට් මණ්ඩලය හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා රටේ හමුදාවන්ට ගෞරවයක් ලබාදුන් නිලධාරියෙකු බව කී ඇමති පාඨලී චම්පික රණවක මහතා උතුරට එක්වී මිස වෙන්ව ඉදිරියට යා නොහැකි බව වටහා ගත් හා ආරක්‍ෂක කණ්ඩායම් සමඟ එකට සිතන ජන කණ්ඩායම් සිටීම රටට ශක්තියක් බව ද සඳහන් කළේය.
යුද හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බලහත්කාරයෙන් සිටිනා බවත්, ජනතාව එයට අකමැති නිසා කඳවුරු ඉවත් කරගත යුතු බවත් ඇතැම් ජාතිවාදීන් ප්‍රකාශ කරද්දීත් හමුදා නිලධාරියෙකු මාරු වී යන අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සංවේදී වී හඬා වැටීම සහජීවනය පිළිබඳ හොඳ උදාහරණයක් බවද ඇමතිවරයා කීවේය.
එමෙන්ම එම නිලධාරියා ඉතා මානුෂීයව කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වන්නේ යැයි ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කර්නල් රත්නප්‍රියගේ මාරුව අවලංගු කරන්නැයි මනෝ ගනේෂන් ඉල්ලලා - පාඨලී
සතයපාල Wednesday, 13 June 2018 01:28 PM
එවැනි හොද නිළධාරීන් හමුදාවේ ඕන තරම් ඇති එවැනි නිළධාරින්ව අගය කරනවා වෙනුවට වෙනත් අපරාධ හා දූෂණ වලට සම්බන්ධ නිළධාරීන් රණවිරුවන් ලෙස හුවා දක්වමින් අපේ රටේ සමහරුන් සැබෑ රණවිරුවන්ට නිගා කරතී.
sirimal Wednesday, 13 June 2018 02:13 PM
ඒ විතරක්ද? ජනාධිපතිතුමත් ඉල්ලලා කියල අද පලවෙලා තිබුණානේ. අර ලන්ඩන් නුවර හිටපු බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාට සිද්ධ වූ දේ මෙතුමාටත් නොවේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. කවුරුන් හෝ විසින් දක්ෂ අවංක නිලධාරින් දේශපාලන පාපන්දු හැටියට භාවිතා කළොත් විපතක් වෙන්නේ එම නිලධාරීන්ට මිස ඒ වැනි දේවල් කරන හාල්පාරුවන්ට නොවේ.
ratna P Wednesday, 13 June 2018 09:40 PM
දැන් ඉතින් එන් ජි ඕ කාරයන්, එල් ටි ටි හිතවාදිටව්එ හෙම ජාත්‍යන්තර මානුෂික අයතිවාසිකම් කොමිසමට කියයි මේ නිලධාරියත් යුද්ද අපරාධ කලා කියල. කොන්ද කෙලින් නැති අපේ දෙසපලකයන් මෙයාව අත්අඩංගුවට ගන්න කියල කටයුතු කරයි.