IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ක්‍රීඩාවෙන් පරාද කළැයි මිතුරාට පිහියෙන් ඇන්න සිසුවා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)
 
පරිගණක කී‍්‍රඩාවකින් පරාද කළැයි උරණව තම හොදම මිතුරාට පිහියෙන් ඇණ තුවාල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පෞද්ගලික පාඨමාලා ආයතනයක සිසුවකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උඩුමුල්ල මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචි යසස් අමරසිංහ (21) නැමැති පරිගණක පාඨමාලාවක් හදාරනු ලබන සිසුවෙකි.
 
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණේ නිශාන්ත ගුණවර්ධන නැමැති තුවාලකරුගේ සහෝදරයා විසිනි.
 
පසුගිය ජුනි මාසයේ සිට තමාත් තමාගේ හොඳම මිතුරාත් ලැප්ටොප් පරිගණකය හරහා ‘කෝල් ඔෆ් ඩියුටි’ නම් පරිගණක කී‍්‍රඩාවේ නිරත වූ බවත් එහිදී තමා ජයග‍්‍රහණය කළ බවත් තුවාලකරු සඳහන් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
 
මෙම සිද්ධියට අදාළ සැකකරු සහ තුවාලකරු තමන්ට අයත් පරිගණකය වලින් ඔවුන්ගේ නිවෙස්වල සිට මෙම කී‍්‍රඩාවට ඇබ්බැහි වී කී‍්‍රඩා කිරීමෙන් පසුව එක් අයකු පරාජය වීම හේතුවෙන් උරණ වී ඇති වූ බහින්බස් වීමක ප‍්‍රතිඵලයක් ලෙසින් මෙම පිහි ඇණුම සිදුවී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
 
පරාජය දරා ගත නොහැකි වූ සැකකරු ඉකුත් 26 වැනි දා අදාළ පාඨමාලාව අවසන් වීමෙන් පසු මාර්ගයට පැමිණ සඟවාගෙන සිටි පිහියකින් තුවාලකරුගේ උදර ප‍්‍රදේශය කපා දමා ඇති බවත් ඒ අවස්ථාවේදී කිසිදු අයකු ඔවුන් දෙදෙනා වළක්වා ගැනීමට පැමිණ නැති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.



අදහස් (3)

ක්‍රීඩාවෙන් පරාද කළැයි මිතුරාට පිහියෙන් ඇන්න සිසුවා රිමාන්ඩ්

vidya Friday, 03 August 2018 05:30 PM

ෆේස්බුක් ලොවට හඳුන්වා දුන් ඉංජිනේරුවගේ දරුවන්ට ෆේස්බුක් ගිණුමක් නැත. තුන්වන ලෝකයට වෙච්ච ආපරදය තමයි ෆේස්බුක්, අන්තර්ජාලය වැනි විද්‍යුත් මාධ්‍ය ලැබීම. අද අපරාද සිදුවන්නේ මේවට ඇබ්බැහි වුනු මිනිසුන්. පොතක් පතක් කියවන්නේ නැති තරුණ පරපුරට වෙලා නියන නස්පැත්තිය.

:       55       212

DileepaSaturday, 04 August 2018 03:47 AM

නිකං අමූලික බොරු කියන්න එපා. ෆේස් බුක් හදපු මිනිහගේ ලොකු ළමය තාම මොන්ටිසෝරි යනවා. ‍යන්නේ කොහෙද මල්ලෙ පොල්. ෆේස් බුක් එන්න ගොඩකාලෙකට ඉස්සෙල්ල කොම්පුටර් ගේම් තිබ්බේ.

:       0       2

Asanka Saturday, 04 August 2018 06:11 AM

2010 මාර්තු 24 ඩේලි මේල් පත්‍රය සදහන් වන විදියට චිනෙත් මෙවැනි පිහිඅනුමක් වෙනවා පරිගණක ක්‍රීඩාවෙන් පරාදවීම නිසා, ඒ කියන්නේ මෙවැනි දැ ඕන රටක සිද්දවෙන්න පුළුවන්.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site