IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කියුබාවේ මුල් පුටුවට මිගුවෙල් දියාස් පත් කරන තීරණයක්

රාවුල් කස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනපති ධුරය රාවුල්ගේ සමීපතම හිතවතා ලෙස කටයුතු කරන මිගුවෙල් දියාස් කැනෙල්ට පිරිනැමීමට කියුබානු පාර්ලිමේන්තුව අද තීරණය කළේයේ.
 
ඒ අනුව කස්ත්‍රෝ පවුලේ පාලනයෙන් කියුබාව ගිලිහී යනු ඇතැයි ද පැවැසෙයි.
 
2006 වසරෙ දී රාවුල් කියුබාවේ ජනාධිපති ධුරයට පත් වූයේ වැඩිමල් සොයුරු ෆිදෙල් කස්ත්‍රෝ අසනීප තත්ත්වයෙන් පසුවෙද්දීය. ෆිදෙස් කස්ත්‍රෝ සමුගත්තේ 2016 වසරේදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 90ක් විය. ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම රාවුල් ද කියුබාව මෙහෙයවූ ජනතා වීරයන් ලෙස කියුබානු වැසියන් අතරේ පමණක් නොව ලොව පුරා ප්‍රකටය.
 
තමා නව ප්‍රතිසස්කරණ හඳුන්වා දෙමින් 2018 වසරේ දී ධුරයෙන් ඉවත් වී කස්ත්‍රෝ පවුලෙන් පිට කෙනකුට ජනාධිපති ධුරය පිරි නමන බව රාවුල් නිවේදනය කළේ පසුගිය වසරේදීය. 
 
නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාවුල් ජනපති ධුරයෙන් ඉවත් වුවත් කියුබාවේ කොමියුනිස්ට් පාලනය තව දුරටත් පවතිනු ඇතැයි ද පැවැසෙයි. රාවුල් කස්ත්‍රෝ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස 2021 වසර තෙක් රැඳී සිටීමට නියමිතය.



අදහස් (3)

කියුබාවේ මුල් පුටුවට මිගුවෙල් දියාස් පත් කරන තීරණයක්

Mahee Friday, 20 April 2018 06:40 AM

පවුලෙන් පිට කෙනෙකුට එහෙම ජනාධිපති දෙන්නේ ඇයි, අප්පා? අපි නම් කවදාවත් එහෙම කරන්නේ නෑ. ජනාධිපතිකම නෙමෙයි, ප්‍රාදේශීය සබාපති කමක් දෙන්න වුනත් අපි නම් හොයනවා සනුහරේම කෙනෙක්. ඔය රටේ ලොක්කන්ට කරදර මිසක් වාසි නැතුව ඇති නේද?

:       0       0

Namal Friday, 20 April 2018 08:39 AM

ඔබලා නොදන්නවාට කියුබාවේ පවුල් පාලනයක් නැහැ. රැවුල් කස්ත්‍රෝ බලයට එන්නේ ඔහු විප්ලවයේ දෙවැනියා වීම නිසා මිසක් පිදෙල් කස්ත්‍රෝගේ සහෝදරයා වීම නිසා නොවේ. කියුබාවේ ඉතිහාසය කියවන්න.

:       0       3

Jiwana Friday, 20 April 2018 03:39 PM

යකෝ... ලංකාවේ ඉන්න මාධ්‍යවල අයට අධ්‍යාපනයක් ඇත්තෙම නැද්ද? මේ අය හිතන්නේ කොම්පියුටරයක් කොටන්න පුළුවන් වුණාම හරියි කියලා. කොහොමද කියුබාවේ පවුල් පාලනයක් තියෙන්නේ? පොඩ්ඩක් කියවන්න ඉතිහාසය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 375 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 435 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site