රංජන් කස්තුරි
අල්ලස් ගත් බව කියමින් කම්කරු නිලධාරීන් දෙදෙනකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා දිවයින පුරා සේවය කරන සියලුම කම්කරු නිලධාරීන් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට කම්කරු විනිශ්චය සභාවේ නඩු කටයුතු වලට සහභාගී නොවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ සභාපති කියයි.
නුවරඑළිය කම්කරු විනිශ්චය සභාවේ පැවැති නඩු කටයුත්තකට සහභාගි වූ කම්කරු නිලධාරීන් දෙදෙනකුට ඔවුන්ට හිමි බටා මුදල් ලබා ගනිද්දී ඒවා අල්ලස් ලෙස අර්ථකථනය කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇති බවද එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකැයිද රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමයේ සභාපති ඉරේෂ් චින්තක ගමගේ මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිතුලට නැග්ග එකත් එහෙම කිව්වලු? රටේ උද්ඝෝෂණයක් වර්ජනයක් නැති දවසක් නැති තරම්. මේ උද්ඝෝෂණ පිටුපස තනිකරම තියෙන්නේ දේශපාලන වුවමනාවන් බව පැහැදිලියි. අනේ අපිටත් හිට්ලර් කෙනෙක් දෙන්නකෝ?
කම්කරු නිලධාරීන්ට බටා මුදල් ලෙස ලැබිය යුතු අනුපාතයක් තිබෙනවා. ඒකට අදාළ කුවිතාන්සි එක්ක තමයි මුදල් ලබා ගෙන අත්සන් ගන්නේ. හැබැයි ඒ ගණන ඉක්මවා ඒ කියන්නේ කුවිතාන්සියේ දාන ගානට වඩා වැඩි ගාණක් ගන්නවා නම් ඒක අල්ලසක් තමයි.