IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කම්කරු නීති වෙනස් වෙයි


 
(විනීතා එම් ගමගේ)

 
වැඩ කරන ජනතාවට බලපාන ප්‍රධානතම ආඥා පනත් හතරක් එකතුකර එක් සේවා නියුක්ති පනතක් සකස් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 
සාප්පු  හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥාපනත, පුර්ව සූතිකාධාර පනත හා කාන්තාවන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ආඥා පනත යන පනත් වෙනුවෙන් එක් පනතක් සකස් කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවැසීය.


එහෙත් මේ අණපනත් මඟින් වැඩකරන ජනතාව භුක්ති විඳින  වරප්‍රසාද  හා සේවා කොන්දේසි කිසිවක් අහිමි නොකරන බව ද සමරවීර මහතා කීය. 


මෙසේ විවිධ කණ්ඩායම්වලට බලපාන පරිදි විවිධ පනත් වෙනුවට සියල්ල එක් පනතක් බවට පත් කිරීමෙන් ආයෝජකයන්ට හාම්පුතුන්ට මෙන්ම සේවකයින්ට ද පහසුවක් වන බව ද අමාත්‍යවරයා කීය.


මේ වනවිට පනත් කෙටුම්පත සකස්කිරීමේ යෙදී සිටින බවත් එය ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය. 

මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා වන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද සමරවීර මහතා කීය.


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.


මේ සමහර පනත් යල් පැන ගිහින්. ඒවා එක එක කණ්ඩායම් වෙනුවෙන් එක එක නීති පවතිනවා. මේ අතර අපි කම්කරු පරික්ෂණ ක්‍රියාවලිය විධිමත් කරන්න සුදානම්. දැනට කම්කරුවන් මුහුණ දෙන වෘත්තීය අනතුරු වලදී ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. ඒ නිසා නව පනතක් වෘත්තිය සෞඛ්‍යය වෙනුවෙන් ගෙන එනවා.
 



අදහස් (0)

කම්කරු නීති වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site