IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කපුවාගේ ගෙදරින් කඩු කිනිසි අල්ලයි

ඉන්දිකා රාමනායක 
 
කතරගම   කිරිවෙහෙර  රජමහා විහාරාධිපති  රුහුණු  මාගම්පත්තුවේ   ප්‍රධාන සංඝනායක  කොබවක ධම්මින්ද නාහිමියට වෙඩි තැබීම  කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන  අසේල බණ්ඩාර නැමැත්තා විසින් සිදුකර ඇති බවට දැනට සිදුකරණ පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලිදී මේ බව  අනාවරණය වී ඇති බවත් සැකකරු දැනට සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස් සිටින බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
පොලිස් කණ්ඩායම් අද (13)  පස්වරුවේ සැකකරුගේ  නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ෂොට්ගන්  වර්ගයේ පතුරම් තුවක්කු වලට යොදන ජීව පතුරම් 10 ක්, කිනිසි දෙකක් හා කඩු දෙකක් පොලිස් බාරයට ගත් බව  ඒ මහතා වැඩිදුරටක් කීය.  



අදහස් (13)

කපුවාගේ ගෙදරින් කඩු කිනිසි අල්ලයි

C.K.Lankaputhra Wednesday, 13 June 2018 02:52 PM

දෙවියන්ගේ පිහිටයි... මොන හේතුවක් නිසා හෝ නැතිවුණු නිසා අවිආයුධවල පිහිට පතන්න අැති...

:       23       83

wimal Wednesday, 13 June 2018 03:19 PM

මේ කපුවාට කොහෙන්ද මේ බලය කොහෙන්ද මේ ධනය?

:       0       130

maal Wednesday, 13 June 2018 03:41 PM

හමුදාවේ ලොක්කෝ මැණික් ගඟ අසබඩ මන්දිර හදපු ඒවා එළිකලේ මේ හාමුදුරුවෝ නේද?

:       677       342

SaranaWednesday, 13 June 2018 07:06 PM

බොරු කියන්න එපා , අන්තර්ජාලයේ තියන සේරම ඇත්ත නෙමේ

:       0       0

LapayaThursday, 14 June 2018 03:55 AM

කඩේ යන්නේ කාටද? 1600 කටද? මෝඩයෙක් උනාට ප්‍රදර්ශනය කරන්න එපා....

:       24       236

sisiraThursday, 14 June 2018 08:16 AM

පොලිසියෙන් සොයාගෙන තියෙනවා කපුවෙක් මෙය සිදුකරලා තියෙන්නේ කියල ඒත් පක්ෂ ග්‍රහිව අනුන්ට මඩ ගැසීම තුලින් තමුන්ගේ පහත් මානසිකත්වය ප්‍රදර්ශනය කරන්න එපා මන්ද බුද්දීකයන් විසින් මෙවැනි දේ නිර්මාණය කලාට අහන්න මේ රටේ මන්ද බුද්දිකයෝ නෑ.

:       0       0

j.jayasundara Wednesday, 13 June 2018 05:25 PM

දේව ආබරණ වෙන්න ඇති. පරිස්සමට ගෙදර ගෙන්න ඇති.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 13 June 2018 06:44 PM

කපුවා කපෝතියි !!! මේ වෙඩි තැබීමට එහාගිය තව කුමන්ත්‍රණයක් ඇති. කපුවා එම සංස්ථාවේ "බළල් හස්තයක්" වෙන්න බැරිද?

:       0       0

රවින් Wednesday, 13 June 2018 07:11 PM

හා හා හා !!! කට වැරැද්ද ගන්න එපා. ඔය ඔක්කොම ආයුධ කපුවෝ කියන විදියට දෙයියන්ගේ ආයුධ. පොදු ජනයට අකැප දේවල්. ඇතෙන්ම දෙවියෝ මේ හොර තක්කඩින්ට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි.

:       0       0

එම.ජී.චිත්‍රානන්ද Wednesday, 13 June 2018 11:45 PM

ඔහොම නෙවෙයි කපුවා මොන නීතී විරෝධී වැඩේ කරත් එයාගේ පිහිට පතාගෙන යන බැතිමත්තු ඕනෑතරම් ඉන්නවා. හරිම කණගාටුයි මගේ රට අවිද්‍යාවෙන්, මෝහයෙන් අන්ධ වෙච්ච මිනිස්සුන්ගෙන් පිරිලා...

:       0       0

jayatissa Thursday, 14 June 2018 12:34 AM

ඇත්තටම මේ කපුවන්ටත් මෙච්චර සල්ලි කොහෙන්ද?

:       0       0

Anil Thursday, 14 June 2018 01:13 AM

මෙවැනි කපුවන්ගෙන් නේද අපි දහස් ගණනින් මුදල් වියදම් කරමින් ආශිර්වාද ලබාගන්න යන්නේ. දෙවියනි ඔබ කොහෙද වැඩ ඉන්නේ.

:       0       0

vidya Thursday, 14 June 2018 04:24 AM

දෙවියන් වහන්සේ පාවිච්චි කරලා අයින් කරපුව වෙන්න ඇති . මුණු හයක් තිබිලත් වැඩක් වෙලා නැනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 266 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site