ඩයනා උදයංගනී
මුලතිව්, කේපාපිලව් ගම්මානයේ ආරක්ෂක අංශ යටතේ පැවති ඉඩම් අක්කර 189ක් යළිත් මුල් පදිංචිකරුවන්ට ලබාදීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට (19) සිදුකෙරේ.
එම ප්‍රදේශයේ හමුදා කඳවුර මේ වන විට වෙනත් ස්ථානයක ස්ථාපිත කර ඇති බැවින් අදාළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට හැකි වී ඇතැයි ඩී.එම් ස්වාමිනාදන් මහතා පැවසීය.
හමුදා කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා තම අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙරද කේපාපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සත් ක්‍රියාවක්... මේ ජනතාව තාවකාලික කඳවුරු හා වෙනත් තැන්හි වසර ගණනාවක් දුෂ්කරව ජීවත්වෙලා අසරණව සිටි අය. තමන්ගේ නිවස හෝ ඉඩමක් නැතිව කාලයක් ඉන්න කෙනෙක්ට පමණයි මේ දුක පීඩාව අසරණකම තේරෙන්නේ.. දකුණේ ඉන්න කට්ටියනම් දත කට නියවාගෙන නියපොතු උල්කරගෙන ඇති මාව පතුරු ගහන්න.. කමක් නැහැ..