(රවී ලියනගේ)
කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ මහා පරිමාණ හබන් කුකුළන් ජාවාරමක් සිදුකෙරෙන බව කන්නෙලිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
කන්නෙලිය සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශම්මික ලියනගේ මහතා මේ බව අනාවරණය කළේ කන්නෙලිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස් දැක්වූ ගාල්ල ජෛව විවිධත්ව අධ්‍යයන හා ගවේශන සංගමයේ සභාපති ක්‍රිෂාන් වේවැල්වල මහතා මෙසේ පැවසීය.
"කන්නෙලිය තවමත් සොයා නොගත් සත්ව විශේෂයන් සිටින බව දැනට කෙරෙන පර්යේෂණවලදී අලුතින් ජීවීන් හමුවීම නිසා පේනවා. මිරිදිය කකුළුවන් ගැන කිසිදු පර්යේෂණයක් ලංකාවේ සිදුවී නෑ. ඒ නිසා මිරිදිය කකුළුවන් තවත් සොයාගැනීමට ඉඩ කඩ තියෙනවා. ස්කෑන් ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි සිදුවෙනවා. කන්නෙලිය මාර්ග පද්ධතියේ දෙපස තියෙන කානුවල පරිසර පද්ධතියේ ජීවීන්ගේ විවිධත්වය නැති වෙලා යනවා.
වනාන්තරවල කානු කොන්ක්‍රීට් කිරීම හරහා සතුන්ගේ බලපෑම් ඇති වෙනවා. මිරිදිය මසුන්ට අදාළ පාරිසරික තත්වයන් විනාශ වීම නිසා මේ සතුන් මේ ලෝකයට එකතුවීම වැළකෙනවා. සතුන්ට අවශ්‍යවන පාරිසරික තත්ත්වයන් විනාශ වීම හේතුවෙන් මේ විවිධත්වය විඳින්න එන විදේශිකයින්ගේ ප්‍රමාණය අඩු වෙන්නත් ඉඩ තියෙනවා.
කන්නෙලිය රක්ෂිතයේ සිදුවන හබන් කුකුළන්ගේ ජාවාරම වැළැක්වීමට කටයුතු කළ යුතුයි. මෙය අනාගතයට රැගෙන ආ යුතුයි කියන පණිවුඩය අපි සමාජයට ලබාදෙනවා"
වාල සංඝාඨ සංවිධානයේ කැඳවුම්කරු චමින්ද රුහුණගේ මහතා, මෙසේ පැවසීය.
"සිංහරාජයට තියෙන වටිනාම පාරිසරික භූමියේ සිදුවන පරිසරික සංහාරය හබන් කුකුළන් ඝාතනය කිරීම් තුළින්ම පේනවා. මේ සතුන් විවිධ වෛද්‍ය ක්ෂේත්‍රයනට පවා විකිණෙනවා. මෙවන් පාරිසරික වටිනාකමක් තියෙන වටිනා කන්නෙළිය භූමිය ආරක්ෂා කරන්න සියලු පරිසර සංවිධාන එක්කරමින් ඉදිරියේදී කටයුතු කරනවා. මේ ගැන අවධානය යොමු කරලා මේ වෙන විනාශය නවත්වන්න කටයුතු කරන්න කියලා අප ඉල්ලනවා. මේ විනාශය සිදුවීම ගාල්ල දිසාවට වගේම මාතෘභූමිය වෙනුවෙන් රැක දෙන්න කටයුතු කරන්න කියලා අපි කියනවා. කන්නෙලියේ හබන් කුකුළන් ජාවාරමට එරෙහිව පියවර ගන්න, නැත්නම් අපි ඉදිරියේදී දැඩිව කටයුතු කරනවා.
කන්නෙලිය සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය ශම්මික ලියනගේ මහතා, මෙසේ පැවසී්‍ය.
කන්නෙලිය රක්ෂිතයේ සිදුකරන මේ පරිසර විනාශයන් නැති කරන්න කටයුතු කළ යුතුව තිබෙනවා.විශාල සංචාරක ආකර්ෂණයක් ඇති තැනක් තමයි කන්නෙලිය කියන්නේ. එවැනි පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි ස්ථානවල පාරිසරික තත්වයන් විනාශවලට ලක්වෙන තත්වයක් තමයි තියෙන්නේ"
කන්නෙලිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ගාල්ලේ පාරිසරික සංවිධාන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි. මේ සඳහා ජාතික විද්වත් සංවිධානය, වාල සංඝාඨ සංවිධානය, ගාල්ල ජෛව විවිධත්ව අධ්‍යයන හා ගවේශණ සංගමය ඇතුළු පරිසර සංවිධාන නියෝජිතවරු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කන්නෙලිය රක්ෂිතයේ හබන් කුකුළු ජාවාරමක්‘
lalithm Monday, 01 July 2019 04:36 AM
ජාතික සම්පත් අනාගතයට සුරැකීම රජයට පමණක් කල නොහැකි දෙයක්. මහජනයා සතු යුතුකම මෙහිදී ඉතාම බරපතල දෙයක්. වන රක්ෂකයන් වුණත් සමහර බලවතුන් ඉදිරියේ අසරණ වෙනවා. මහජනයා ඉදිරිපත් නොවී වන සම්පත් සහ ජෛව සම්පත් රැකගත නොහැක.