(මහින්ද නිශ්ශංක)
මගීන්ට ටිකට්පත් නොදුන් පෞද්ගලික බස් රථ කොන්දස්තරවරුන් 237ක් ද කොළඹ දී අල්ලා ගත් බව බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කියයි.
කොළඹ දී බස් රථ 699ක් පරීක්ෂා කළ බවත් ඉන් 237කම කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් නිකුත් කර නොතිබුණු බව ද එම අධිකාරිය සඳහන් කරයි.
පළමු අවස්ථාව බැගින් එක් කොන්දොස්තරවරයකුට රුපියල් 250ක් බැගින් දඩ ගැසූ බව ද එම අධිකරිය කියයි.
COMMENTS
237x250 ඔන්න දවසේ අදායම. දැන් ඔය ආදායම ගන්න යෙදවූ නිලදාරීන්ට පඩිය වශයෙන් කීයක් ගෙවනවද කියල හිතාගෙන... ලංකාවේ රාජ්‍ය ආයතන පාඩු ලැබීමට තවත් හේතුවක් හිතා ගන්න. එකම හේතුව නෙවෙයි මේක...
250 නෙවේ 15000 ක් කරන්න ඕන
අල්ලන නිලධාරීන්ට කීයක්වත් අමතර දීමනා දෙන්න ඕන නැහැ නේ, ඔවුන්ට නියමිත මාසික වැටුප ලැබෙන නිසා ! මා පසුගිය අප්‍රේල් සහ ජුලි මාසවලදී ශ්‍රී ලංකාවට ගියා. වැඩිපුරම මා ගමන් කලේ බස් වලින්. ටිකට් පතක් නොදී මගෙන් මුදල් ලබාගත් වාර අනන්තයි. ඒ මදිවට ඉතුරු සල්ලි ආපසු ගන්න කොන්දට යදින්න වුන වාර ගන්නත් ඒ වගේමයි. ඒ අනුව බලා ගෙන යනකොට කොන්දොස්තර වනාහි ඉතා ධනවත් පුද්ගලයෙක් බව අපට හැඟෙනවා !!!!
ත්‍රිවිලර් වල මිටර් ටැක්සි කියලා ගහලා තියෙනවා. නැග්ගට පස්සෙයි මිටරේ වැඩ කරන්නෙ නැහැ . ඒ ගැන ඇහුවොත් පනිනවා. කෙටි දුරට මිටරේ දාන්නේ නැහැලු. එයාලගෙ නිති රටක් මෙහෙම කරන්න පුළුවන්ද? හිතු හිතු ගණන් මූන බලලයි අය කරන්නේ. මෙය නැවැන්විමට රජය කටයුතු කරන්න. මන්ද මෙය දුප්පතා රෝහලට පන්සලට යන්න භාවිත කරන වාහනයයි.
බස් ගැමුණු මොකද කියන්නේ කියල බලමු. මේ හේතුව හින්ද ජුනි ජුලි වලදී බස් ගාස්තු වැඩි කරන්න කියල වර්ජනය කරයි.
මම ඊයේ චිකන් කොත්තුවක් ගත්තා. රුපියල් 230
රු. 250 දඩයකින් මොනවා කරන්නද ? අද කාලේ අඩු තරමින් රුපියල් 2000 දඩයක් කරන්න ඕන .
පළමු අවස්ථාව නිසාලුනෙ 250. ඉස්සරහට ඔයිට වැඩි කරයි.
තවම වෙලාවට බස් නැහැ හවසට රෑ වුනම බස් නැහැ