IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කාදිනල්තුමන්ට වෙඩි නොවදින රියක්

(අංජුල මහික  වීරරත්න) 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිකුත් කර  තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන්  ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
 
පාස්කු ඉරිදා (21)  කතෝලික දේවස්ථානවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වෙඩි නොවදින රථය ලබාදීමට කටයුතු කළ බව අරලිය ගහමන්දිරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වන තුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ රියදුරකු ද සමඟ වෙඩි නොවදින මෝටර් රිය කාදිනල්තුමන්ට ලබා දීමට තීරණය කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.



අදහස් (14)

කාදිනල්තුමන්ට වෙඩි නොවදින රියක්

San80 Monday, 29 April 2019 08:19 AM

කාලෝචිත වැඩක් කරාමද කොහෙද

:       258       436

sirimal Monday, 29 April 2019 08:27 AM

තම ජනතාව බයින් සිටියදී එතුමා මෙය බාරගන්න එක්ක නැහැ .

:       0       114

Nandalal DE SILVA - France Monday, 29 April 2019 08:27 AM

ඉතාම කාලෝචිත අදහසක්.... රටේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක්......

:       22       41

isurandi Monday, 29 April 2019 08:42 AM

ඒ වගේම මේ ත්‍රස්තයන්ගේ අරමුණ වෙන පැත්තකට යොමුවිය හැක. ඒ නිසා අනෙක් පූජනිය ස්ථාන හා පාසල් පොදු ස්ථාන එකී නොකී හැම රජයේ ස්ථානයක්ම ආරක්ෂා කළයුතුයි.

:       0       18

Antony Monday, 29 April 2019 08:46 AM

රනිල්ට නම් මේවා දෙකක්ම තිබිලනේ...

:       64       141

ravi Monday, 29 April 2019 09:05 AM

මැල්කම් කාර්දිනල් අගරදගුරුතුමන්ගේ.. මේ ඉවසීම.. සිත, කය, පාලනය කරගත් නිහතමානී ආදර්ශමත් හැසිරීම ... මුළු ක්‍රිස්තියානි ආගමටම ඉතාමත් විශාල ආඩම්බරයක්. මම බෞද්ධයෙක්.. ඔබතුමාට මගේ සහ අප සියලු දෙනාගේම හදවතින් පිරි ආදරය සහ ගෞරවය...

:       1       617

lion Monday, 29 April 2019 09:13 AM

ඔය දේශපාලකයන්ට මොනවා වුණත් අපිට කමක් නැහැ. අපේ පියතුමා අප ආරක්ෂා කරගත යුතුයි.

:       0       180

wimal Monday, 29 April 2019 09:19 AM

දැන්නං මර නින්දෙන් නැගිටලා වගේ... කාර් නැතිවුණත් උන් වහන්සේ මේ රටේ මිනිස්සු විසින් ආරක්ෂා කරාවි.. පහුගිය කාලය පුරාම උන් වහන්සේ විමසිල්ලෙන් හිටියේ නායකයෝ මොනවද කරන්නේ කියලා...? මම හිතනවා දේශපාලකයන්ට තියෙන වෙඩි නොවදින රථ ගාය උන්වහන්සේට නැහැ කියලා. මේ රටේ මිනිස්සුන්ගේ හදවතට කතා කරපු උන්වහන්සේට... සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා...!!!

:       2       222

Keppetipola Monday, 29 April 2019 10:04 AM

මම බෞද්ධයෙක් වුවද කාදිනල් තුමාට තියෙන්නේ මහා ගරුත්වයකි. බුදුන් වහන්සේ කියා තිබෙන්නේ පිදිය යුත්තන් පුදන්න කියයි. කාදිනල් තුමාව අප සැවොම පිදිය යුතු පිය නමකි. දැන් රනිල් බොරුවට ජනතාව රවටන්න මෙවැනි දේවල් කරත් කාදිනල් තුමාව රවටන්න කිසිම දේශපාලුවෙකුට බැරිය. එතුමා ඉතා අවංකව රට වැසියාට ආදරේ කරන කෙලින් කතා කරන ඉතා බුද්ධිමත් පිය නමකි. සමහර අපේ සිවුරු පොරවා ගත් දුස් සීලයන් මෙන් මුදලට, වාසියට මේ පිය නම වැඩ නොකරන බවට සියලු දෙන හොදින් දනී. ඔබ වහන්සේට නීරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි !

:       38       529

Hafeel Monday, 29 April 2019 11:52 AM

එහෙමනං අගමැතිට තේරිලා වගේ එයාට වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නැති බව...

:       0       2

abe Monday, 29 April 2019 12:08 PM

අනේ අගමැතිතුමනි... අපිට දෙනවා කිව්ව පුංචි කාර් ටිකවත් දෙන්නකෝ... අපිත් මේ රටේ පුරවැසියෝනේ...

:       0       3

Ranga Monday, 29 April 2019 12:13 PM

ඉතුරු එකත් දීලා දාන්න කාට හරි.. ඕක තියා ගත්තා කියලා වැඩක් නැහැ. මන්ද ලංකාවේ මිනිස්සු නම් මී හරක් මස් කන්න එච්චර ආස නැහැනේ. ඒකයි.

:       5       1

සිරිබිරිස්Tuesday, 30 April 2019 01:15 AM

අනේ රංග ඔයා දන්න තරම. මේ රටේ වැඩිපුර හරක්මස් කඩ තියෙන්නේ මුස්ලිම් ජාතිකයින් අතේ. නමුත් ඒ අයට වඩා මස්කඩ පෝලිම්වල ඉන්නේ ඔයා කියන හරක්මස් කන්න එච්චර ආස නැහැ කියන සිංහල මිනිස්සු. ඔයා මස්කඩයට නොගියත් මුසල්මානුවන්ට හරක් විකුනන්නේ කවුද බලන්නකෝ. ඔබ කියන මස්වලට ආස නැති අය තමයි ගෙදර හදපු එළදෙන මස්කඩයට දක්කා උගේම මස්ගෙන රස කර කර කන්නේ.

:       0       0

නාමල් කුමාර Monday, 29 April 2019 04:27 PM

එය ලබා දිය යුතුව තිබුණේ මෙයට බොහෝ කාලයකට පෙරාතුවය. එහෙත් මෙම අවස්ථාවේ එසේ කිරීම තුලින් මම අදහස් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස සිදුකල මහජන ආරක්ෂාව පැහැර හැරීමේ චෝදනාවට කාදිනල් තුමාගෙන් ලැබෙන විරෝධතාවය මගහරවා ගැනීමට තෑග්ගක් එතුමාට ලබා දි ඇති බවයි. මම හිතන්නේ අගරදගුරුතුමා පැහැදිලි පියවරක් ගනු ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 253 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site