නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අතුරින් 50 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
වැරැදි දිසාවෙන් ගුවන් පථයට ගොඩ බැස්සවූ ගුවන් යානයට කෑලිවලට කැඩී ගොස් ගිනිගත් බව නේපාල පුවත් සේවා වාර්තා කළේය.
මෙම ගුවන් යානයේ ගමන්කළ මගීන් අතුරින් 23 දෙනෙකු පමණ දිවි ගලවාගෙන ඇතැයි මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටී. ඇමෙරිකා එක්සත් ජනපද සහ බංග්ලාදේශයට අයත් ඒකාබද්ධ ගුවන් සමාගමක් වන ‘යු.එස් - බංග්ලා’ ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට පත්විය.
මේ වනවිට කත්මන්ඩු ගුවන් තොටුපලේ සියලුම ගුවන්ගමන් තාවකාලිකව නවතා ඇතැයිද එම වාර්තාවල සඳහන්වේ.
රොයිටර් පුවත් සේවය මියගිය පිරිස 50 ක් බවත් 17 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් සඳහන් කරයි.මෙම ගුවන් යානය බංග්ලාදේශයේ අගනුවර වන ධකා සිට පැමිණ ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
යානය අනතුරට පත්වූ විගස ගිනි නිවන භටයන් මෙන්ම සහන සේවකයන් ද යානය වෙත ළඟා වූ අතර ගිනිගන්නා යානයෙන් මගීන් පිටතට ගැනීමට ඔවුහු කටයුතු කළහ.
“31 දෙනකු ඒ ස්ථානයේ දීම මියගොස් සිටියා. තවත් 9 දෙනකු රෝහල් දෙකකදී මියගියා” යැයි නේපාල පොලිස් ප්‍රකාශක මනෝජ් නෙව්පානේ පැවැසීය. මේ අතර තවත් 23 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා විය.
යානයේ සිටි 33 දෙනකු නේපාල ජාතිකයන් බවත්, 32 දෙදෙනකු බංග්ලාදේශ ජාතිකයන් බවත් වාර්තා වූ අතර චීන හා මාලේ ජාතිකයකු බැගින් එහි සිටි බවත් නේපාල මාධ්‍ය වාර්තා කර තිබිණි.
(255) (055)






2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කත්මන්ඩු ගුවන්තොටුපොලට බැස්සවීමට ගිය යානයක් කඩාවැටීමෙන් 40 ක් මරුට
sanath Monday, 12 March 2018 06:42 PM
කත්මන්ඩු එයාර්පෝර්ට් එක තියෙන්නේ කඳු වළල්ලකින් වටවෙලා නිසා ප්ලේන්ස් ලෑන්ඩ් කරන්න වට හතරක් පහක් විතර කැරකෙන්න ඕනෑ. මම හිතන්නේ නියමුවාට කැරකිල්ල හැදෙන්න ඇති.