( හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල ,ගැටවත්ත,දීකිරිකෑව ප්‍රදේශයේ නිවසක් පිටුපස කුකුළු අපද්‍රව්‍ය ගැලිමට සලස්වා තිබු ගලියක් තුළ සඟවා තිබු කඩු 11 ක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 30,34,36 වයස්හි පසුවන මුස්ලිම් පුද්ගලයින් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි .
කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත කොම්පඤ්ඤවිදියෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදි ලද තොරතුරු මත ගිරිඋල්ල දීකිරිකෑව ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගේද සහය ඇතිව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර පළමු වර පරික්ෂාවේදි කඩු 8 ක් අත්අඩංගුවට පත්ව ඇත.
ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයලත් මහතා ඇතුළු නිලධාරින් විසින් දෙවැනි වරටත් එම ස්ථානය පරික්ෂා කිරිමට ගොස් ඇති අතර එහිදි කුකුළු අපද්‍රව්‍ය බැහැර කිරීමට සලස්වා තිබු ගලිය ආසන්නයේ සගවා තිබූ කඩුවක් සමඟ පොල් ගස් දෙකක් තුළ සඟවා තිබු තවත් කඩු දෙකක් සැකකරුවන් තිදෙදෙනෙකුද සමග අත්අඩංගුවටගත්බව පොලිසිය පවසයි.
ඒ අනුව එම ස්ථානයේ හා ඒ අවට තිබි කඩු 11 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙවැනි වර අත්අඩංගුවට පත් කඩු 3 න් එකක් චීන කඩුවක් බවද පොලීසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කඩු 11 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට