රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ අවම ලකුණූ අනුව මෙවර සිසුන් 30141 දෙනෙකු විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.
2017 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් 163160 ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 78894 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහාමුලික සුදුසුකම් සපුරා තිබේ.
මෙවර 2016 වසරට සාපේක්ෂව සිසුන් 1180 දෙනෙකු වැඩිපුර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.
ජෛවීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 6796 දෙනෙකු, භෞතීය විද්‍යා විෂය ධාරාව සඳහා සිසුන් 5723 දෙනෙකු වාණිජ විෂය ධාරාව සඳහා සිසුන් 6119 දෙනෙකු කලා විෂය ධාරාව සඳහා සිසුන් 8874 දෙනෙකු, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා සිසුන් 1307 දෙනෙකු,ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා සිසුන් 955 දෙනෙකු හා වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 367 දෙනෙකු ද වශයෙන් සිසුන් 30141 දෙනෙකු මෙවර විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් කර ගැනීමට නියමිතය.
2017 අධ්‍යයන වර්ෂය සඳහා නිකුත් කළ අවම ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk. සහ www.selection.ugc.ac.lk යන වෙබ් අඩවි ඔස්සේ ද ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසුකම් ලබා තිබියදීත් ඇතුල්වීමට බැරි බහුතරය වන ඉතිරි 62% සරසවි වල ඇති ඉඩ ප්‍රශ්නය නිසා තමන්ගේ වැඩි දුර අධ්‍යාපනය නවතා දැමිය යුතුද? මේ නිසා තමා ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍ය.