(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
කොටි සංවිධානය විසින් අවසන් යුද සමයේ කිලිනොච්චිය, මුරුසමොටෙයි ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් සොයා ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මුරුසමොටෙයි, මුරුගානන්ද විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ ගෙවත්ත අයිති ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක පළමුව පතුරම් පෙට්ටියක් දැක පසුව කිලිනොච්චිය පොලීසිය ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් සිදුකළ මෙහෙයුමකදී අදාළ පතුරම් පෙට්ටි හමුවු බවටයි.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සිදුකළ මෙහෙයුමක දී ටි 56 පතුරම් පෙට්ටි 02 ක් හා මිලිමීටර 12.5 ක් ප්‍රමාණයේ වන පතුරම් පෙට්ටි 38 ක් සොයා ගත් බවද කිලිනොච්චිය පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කිසිම කෙනෙක් ආරක්ෂක මෙවලම් මුකුත්ම භාවිතා නොකර තමයි රාජකාරියට යොමු වෙලා තියෙන්නේ. එයිනුත් විශේෂ කාර්ය බලකාය පුදුමයි. මෙතන පතරොම් සමග පිපිරෙන බෝම්බත් තිබෙන්න බැරිද? දැන් පියවරින් පියවර, ගතයුතු ඒ අත්‍යාවශ්‍ය ආරක්‍ෂිත ක්‍රම චර්යාවන් වලින් බැහැර වෙනවා වගේ.
ඉන්දියාවෙන් නිකම්ම වගේ දීපුවා.