වසර 1986 දී අතුරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැරණි ධාවන පථය ප්‍රතිසංවර්ධනය කර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (6) පස්වරු 12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ධාවන පථයේ ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 50 ක මුල්‍ය ප්‍රතිපාදන වැය කර ඇත. මෙම ප්‍රතිසංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව මීටර් 60 ක පළලින් යුතුව තිබු ධාවන පථය මීටර් 75 ක් දක්වා පුළුල් වන අතර, ඉදිරියේදී A-380 ගුවන් යානාද ගොඩබැස්වීමට හැකිවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම කියයි.
නෙදර්ලන්ත තාක්ෂණයට අනුව අතුර ලද නව ධාවන පථයේ විදුලි ආලෝක පද්ධතිය පුර්ණ වශයෙන් එල්ඊඩී විදුලි බල්බ යොදා ඇති බැවින් ඕනෑම අයහපත් කාළගුණික තත්ත්වයක් මත ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින් 80% ක බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි වන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
අපේ හරක් මඩු ගුවන්තොටුපල හදන්නේ කවදාද ?