( දිල්රුක්ෂි ග්‍රේරු)
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසලක් අසළ හා මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් ඉදිරිපිට සැකකටයුතු වාහන දෙකක් ඇති බවට පැතිර යන කටකතා පිළිබඳව කලබල විය නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මේ පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ස්ථාන දෙකටම ගොස් පරීක්ෂා කර එහි කිසිදු සැකකටයුතු දෙයක් නොමැති බව තහවුරු කරගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මට්ටක්කුලියේ කතෝලික දේවස්ථානය අසළ නවතා තිබූ වෑන් රිය කාර්මික දෝෂයකට ලක්වීමෙන් අයිතිකරු එම ස්ථානයේ වාහනය නවත්වා ඇති ගොස් බව තහවුරු වී ඇති අතර පාසල අසළ නවතා තිබු වාහනයේද අයිතිකරු පැමිණ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කරයි.
පැතිර යන කටකතා පිළිබදව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් කිසිදු සැකකටයුතු දෙයක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
250ක් අමු අමුවේ අකාලයේ ඝාතනය වෙනකොට ඒ බව දැන දැනත් මහජනතාවට වසන් කරපු උන්දැල ඉන්න රටක, කටකතා ගැන අනිසි බිය නැතිවෙන්නේ කොහොමද මහත්තයෝ.
ඇත්තටම දැන් ආපහු ආරක්ෂාව ගැන කිසිම බලධාරියෙක්ගේ අවදානයක් නැහැ. අවශ්‍ය අවසර පත් තියෙනවනම් පාර්ලිමේන්තුවට උනත් පරීක්ෂාවකින් තොරව යන්න පුළුවන්
අනිසි බියක් ඇතිකරගන්න එපා දැන්මම. යමක් උනාට පස්සේ බියවෙන්න. ඒකනේ ක්‍රමය. අනික සහරාන්ගේ අනුගාමිකයෝ දැන් හංස වේදිකාවෙනේ ඉන්නේ.
මිනිස්සු මැරුණට පස්සේ බය වෙමුකෝ.
වරායත් එහෙමම තමයි. පාස් එක විතරයි ඕන.
සිසිර, මේවා පොහොට්ටුවන්ගේ බොරු ප්‍රචාර ඊයේ අතුරුගිරියේ ඉස්කෝලයට මම ගිය වෙලාවේ පොහොට්ටු පියෙක් (ඔහුව මම හොඳට දන්නවා) මා සමග කියනවා මුන් දැන් ඡන්දෙ කල් දාගන්න එකතුවෙලා ඉස්කෝලයකට ගහවි කියලා. හිස්බුල්ලා දැන් ඔයලට දෙවියෙක් වගේද පේන්නේ?