IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ගුවන් සමාගමේ තීරණයක්

(සුජිත් හේවාජූලිගේ)


ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම තීරණය කර ඇත.


ගුවන් සේවයට ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් කජු සැපයීමේ කටයුතු ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු යොදා ඇතැයි එම සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ‘ලංකාදීපය’ට පැවැසීය.


ජාතික ගුවන් සේවයට 2016 වසර වනතුරු කජු සැපයීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා කජු සංස්ථාව විසිනැයි කී සභාපතිවරයා සංස්ථාවේ කජු ගණන් යැයි පවසා ඩුබායි වලින් කජු මිලදී ගැනීමට සමාගම තීරණය කිරීමෙන් පසුව කජු ප්‍රශ්නය මතුවුණු බව ද සඳහන් කළේය.


අනෙකුත් රටවල කජු මෙන් නොව ශ්‍රී ලංකාවේ කජු ප්‍රණීත රසයෙන් යුක්ත වන බවත් මෙරට ප්‍රධාන පෙළේ තරු පහේ හෝටල් සහ රාජ්‍ය ආයතන මිලදී ගන්නේ සංස්ථාවේ කජු බවත් දම්සිරි කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.


සංස්ථාවේ මිල ගණන්වලට එකඟත්වය ලැබුණු පසුව ගුවන් සේවයට කජු සැපයීම අරඹන බව ද ඔහු කීය.



අදහස් (12)

කජු සංස්ථාවෙන් නැවතත් කජු මිලදී ගැනීමට ගුවන් සමාගමේ තීරණයක්

Raveendra Friday, 28 September 2018 07:32 AM

බොහොම අගනා තීරණයක්. සුළුවෙන් හෝ මහ පරිමාණයෙන් අප රටට සෙතක් වන්නේ නම් අප එය අගය කරන්නෙමු. " කොමිස් බලාගෙන වැඩ කරන අයට නම් " මෙය නයාට කුකුල් බිත්තර වගේ මුනට සිනාවක් එයි.

:       0       205

Hafeel Friday, 28 September 2018 08:01 AM

දේශීය නිෂ්පාදනය දිරිමත් කරන්න නං, මෙවැනි වගකිවයුත්තන්ට බාල ප්‍රමිතියෙන් තොර දේවල් සපයන්නොන. එතකොට තමයි බලධාරීන්ගේ ඇහ අරින්නේ.

:       0       109

sam Friday, 28 September 2018 08:46 AM

තත්ව පාලක ජනපති...

:       0       278

Sun Fernando Friday, 28 September 2018 08:55 AM

බොහොම හොඳ තීරණයක්... ඩුබායි වලින් කජුගත්ත මිලටම මේ අහිංසක මිනිසුන්ගෙන් ගන්නවා නම් තවත් හොඳයි... කුණු කොල්ලෙට ගන්නෙ නැතුව...

:       0       115

sunil Friday, 28 September 2018 08:58 AM

ජනාධිපතිතුමාට නම් දෙන්න එපා.

:       25       73

chandana Friday, 28 September 2018 09:21 AM

අඩන්නම ඕනෙලු කිරි එරෙන්න.

:       35       74

Nandalal DE SILVA - France Friday, 28 September 2018 10:22 AM

අපේ ජනාධිපතිතුමාට වැඩි වැඩියෙන් ආනයනය කරන කෑම බීම එතුමාගේ කෑම මේසයට යවන්න. එතකොට එතුමාට ඒවා එපාවී විවේචනය කරාට පස්සේ නිකම්ම අපේ ආහාරපාන ජනාධිපති කෑම මේසයට එනවා නොඅනුමානයි! කජුවලට වූ වින්නැහිය අනිත් භාණ්ඩවලටත් අත්වෙන දිනය වැඩි ඈතක වෙන්න බැහැ...

:       60       34

Lanka Friday, 28 September 2018 12:14 PM

කජු කතාව නැවත නැවතත් සමාජ මාධ්‍ය ජාලවල කියමින් ගරු ජනාධිපතිතුමාට කොතරම් අපහාස කළාද? නමුත් දැන් සිද්ධ වී ඇති යහපත් ප්‍රතිඵලය බලන්න. අතරමැදියා හැලී අපේ රටේ නිෂ්පාදනය වෙන කජු අපේ ජාතික ගුවන්සේවය මිලදී ගන්නවා. ඒ වගේම කජු සංස්ථාව නියම ප්‍රමිතියෙන් යුත් කජු ගොවීන්ගෙන් සහ සුළු නිෂ්පාදකයින්ගෙන් මිලදීගත යුතුයි. මම ඉතා වගකීමෙන් කියනවා ලෝකයේ හොඳම කුළුබඩු වර්ග නිෂ්පාදනය කරන්නේ අපි. නමුත් අපේ කුළුබඩු ටික මිලදීගන්නේ අසල්වැසි සහ වරාය විකුණපු රටේ කට්ටිය... ඒ ගොල්ලෝ විශාල ලාභ තීරුවක් තියාගෙන නැවත ලේබල් ගහලා අපේ කුළුබඩු බටහිර රටවලට අපනයනය කරලා විශාල අාදායමක් අතර මැද්දේ ඉගෙනුම ලබනවා. මේ ක්‍රමය වහා වෙනස් විය යුතුයි. ලෝක වෙළඳපළේ වැනිලා කිලෝවක මිලත් ලංකාවේ වැනිලා ගොවීන්ට අලෙවි කිරීමේදී වැනිලා කිලෝවකට ලැබෙන මුදලත් සසඳා බලන්න. හැම කුලුබඩුවකම තත්ත්වය මේකයි. අපනයන අාදායම ලංකාවට ඩොලර්වලින් අපට ලැබෙනවා නම් අපේ ජාතික අාදායම වැඩිවෙනවා.

:       6       36

PerakumFriday, 28 September 2018 02:14 PM

ලංකා, ඔබ කියන දේ හරියට හරි. ඒත් අපේ දේශපාලන ගවරැළට ඔබ කියන දේ තේරුම්ගන්න තරම් මොලයක් නැතිකම අපේම අවාසනාවයි.

:       0       0

menna Friday, 28 September 2018 01:10 PM

ලංකාවේ කජු ටිකක් ගණන් වුණාට රසයි. ලාභය පමණක් නොසිතා ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන විදියට ලංකාවේ නිෂ්පාදනය කරන කජු මෙන්ම අනෙකුත් දෑද පාවිච්චි කළොත් හොඳයි.

:       0       7

Nishanth Friday, 28 September 2018 01:13 PM

ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඔයිට වඩා දේවල් අපි බලාපොරොත්තු වෙනවා.

:       0       7

Sw janaka Tuesday, 28 April 2020 08:30 AM

කජු සැපයීම සදහා ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site