IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුච්චවේලියේ පවුල් 19 ක් ආහාර අහේනියක

(කාංචන කුමාර ආරියදාස)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානයේ පදිංචිව සිටින පවුල් 19 ක් ට අයත් ජනතාව උග්‍ර ආහාර හිඟයකට හා දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මෙන්ම රාජ්‍ය නිලධාරි පීඩනයකට ලක්වී සිටිති.

කුඩා ටකරන් පැල්පත් වල ජීවත්වූ පවුල් 19 ක් වු ජනතාවට මෙවර අවුරුද්දට ඇඳුමක් හෝ කැවිලි පිඟානක්වත් නැත. වේලක් හැර වේලක් හෝ මේ ගම්මානයේ ජනතාව කන්නේ කුලී වැඩක් කිරීමෙන් හෝ අනුන්න්ගේ මා දැලක් ඇදීමෙනි.

ඔවුන් මීට පෙර පදිංචිව සිට ඇත්තේ කුච්චවේලි පාලම ආසන්නයේ එරක්කන්ඩ් ගමේය. යුද්දයත් සමඟ මේ ජනතාව අවතැන් කදවුරු වල වසර ගණනාවක් දිවි ගෙවා යුද්ධය අවසන්වූ පසු නැවත ගමට එද්දී ඉඩම් නිවාස සියල්ල දමිළ හා මුස්ලිම් ජනතාව ඒවායේ පදිංචි වී රජයේ නිලධාරි ලවා එම ඉඩම් වලට බලපත්‍ර පවා සකසා ඇති බව ඔවුහු කියති .

පසුව ඉන්න හිටින්න තැනක් නොමැතිව ගස් ගල් යට දිවි ගෙවූ මේ ජනතාවට පරිත්‍යාග කල ඉඩමක් කොටස් කර බෙදා දී ඇත. ටකරන් මඩු සකසාගෙන පදිංචි වූ මේ ජනතාව රජයේ නිලධාරින් සමඟ නිරන්තර සහන ඉල්ලා අරගල කරද්දී නිවාස හතකට මුදල් ලබාදී ඇතත් එම නිවාස ඉදිකිරිම රජයේ නිලධාරීන්ගේ හිතවත් කාන්තාවකට ලබාදී තිබේ. ඇය නිවාස ඉදිකිරීම අතරමග නවතා මුදල් රැගෙන  පලාගොස් ඇත . 



අදහස් (7)

කුච්චවේලියේ පවුල් 19 ක් ආහාර අහේනියක

රොමේෂ් Wednesday, 19 April 2017 11:55 AM

මෙහෙව් රටක පාලකයින්ට රථගාය. කලින් ඇමති පාවිච්චිකළ වාහනය පාවිච්චිකරන්න බැහැලු. ලොකුම තැන්වලින් වෙඩි නොවදින වාහන ගෙන්වන්න කෝටි ගණන් නාස්ති කරනවා. ගෙන්වන වාහන වලින් යන්නේ එන්නේ කොහෙද? මොනවාද කරපු ජනතා සේවය? ඒ ගියගමන් බිමන්වලින් යම් ජනතා සේවයක් ඉටුවුවනම් වියදමට සාපේක්ෂව කොයිතරම් ඵලදායිතාවයක් තියෙනවද? කියල හොයල බලන්න ක්‍රමවේදයක් නැද්ද? එහෙම ඵලදායිතාවයක් නොමැතිනම් ඒ වෙනුවෙන් වියදම් කල ජනතා මුදල් නැවත අය කරගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අඩු තරමේ ඒ සල්ලිවලින් හෝ මේවගේ දුප්පත් ජනතාවට සේවයක් ලබාදෙන්න පුළුවන්. තමන්ගේම රටේ මේවගේ අසරණවුන ජනතාවක් සිටිද්දී වෙඩි නොවදින රථ ගෙන්වන්න ජනතාවගේ මුදල් නාස්තිකරන අයට වදින්නේ වෙඩි නෙමෙයි හෙණ. ගෙන්වන්න තියෙන්නේ හෙණ නොවදින වාහන.

:       0       89

Lal Wednesday, 19 April 2017 02:10 PM

ජාතිය සිංහළ නිසා කුඩම්මාගේ සැලකිළි. වෙනත් ජාතිකයන්ට මේවගේ අසධාරණයක් උනානම් බලන්න තිබුනා අපේ ඉහළ පුරවැසියන්ගේ පස්සවල් රත්වෙලා වහාම සාධාරණය ඉටුකරන කරන හැටි.

:       3       43

ෂෆීක් Thursday, 20 April 2017 04:33 AM

පව් අසරණ පැටවුනට සහනයක් ලැබෙන්න ඕනේ ඉක්මනින්

:       0       0

Duminda Thursday, 20 April 2017 05:14 AM

කාංචන - මේ අය ගේ විස්තර එවන්න පුලුවන්ද , මේ ය වෙනුවෙන් මොනාහරි දෙයක් කරන්න පුළුවන් නමුත් හරියට අවශ්‍යතාවය තියන පිරිස අඳුන ගන්න ඕනි මගේ email උදයකුමාර.දුමින්ද@යහොඕ.com

:       0       0

roshan Thursday, 20 April 2017 06:22 AM

සිංහලයට කවුරුත් නෑ. අඩුම තරමේ සින්හලයමත් නෑ.

:       0       0

mohamed hassan Thursday, 20 April 2017 08:27 AM

රොමේෂ් සහතික ඇත්ත .

:       0       0

Kamal Thursday, 20 April 2017 08:34 AM

මේ පොස්ට් එක FB එකේ වත් SHARE කරලා මේ මිනිස්සුන්ට උදව්වක් කරන්න බලමුද?????අඩුම ගානේ බලදාරීන් වත් දකිවිනේ...එහෙම නෙත්නම් අපි හරි උදව් කරමු.අපි ඔක්කොම මේ පොස්ට් එක FB එකේ SHARE කරමු...PLEASE .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site