IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොකේන් සිද්ධියට රේගුවේ තුනක් මාරු

(ඉන්දිකා රාමනායක)

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218 ක්  සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේ දී පරික්ෂා කළ රේගු නිලධාරීන්  තිදෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අද (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

නියෝජ්‍ය රෝගු අධ්‍යක්ෂවරයකුට, රේගු අධිකාරිවරයකුට සහ සහකාර රේගු අධිකාරිවරයකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල්  ජයරත්න මහතාගෙන්  ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය ගැන හෙට (22) සිට  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත  බවයි.
එම පරීක්ෂණයේ මුලික  පියවර වශයෙන් මෙම නිලධාරීන් තිදෙනා පරිපාලන අංශය වෙත මාරුකර යැවු බව ඒ මහතා පැවසීය.

මෙම  නිලධාරීන් තිදෙනා සීනි කන්ටේනරය නිසි අයුරින් පරික්ෂාවට ලක් කළේ ද, සිද්ධියේ දී  ඔවුන් අතින්  කිසියම්   අතපසු වීමක් සිදුව ඇති ද යන්න සෙවීම සදහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වන ලද  සීනි කන්ටේනරයක් ඉකුත් (19) වැනි දා රත්මාලන ආර්ථික මධ්‍යස්ථානයේ දී  විවෘත කිරීමේ එහි  ගමන් මලූ 10ක තිබී කොකේන් කිලෝ 218 ක් සොයාගෙන තිබු අතර එහි වටිනාමක රුපියල් ලක්ෂ 32,000 ක් බව පොලිසිය කීවේය.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (10)

කොකේන් සිද්ධියට රේගුවේ තුනක් මාරු

anton Friday, 21 July 2017 12:37 PM

මාරු කරලා පලක් නැහැ. මෙයාලව පොලිසියට බාර දීලා ඇත්ත දැනදන්න ඕන. ලංකාවේ වැඩිම අල්ලස් ගන්න අය ඉන්නේ ශ්‍රී ලංකා රේගුව තමයි...

:       1       229

lankaFriday, 21 July 2017 02:13 PM

ඇන්ටන් ඔබ හරියට හරි

:       0       55

SamanSaturday, 22 July 2017 05:07 PM

සහතික ඇත්ත. මමත් දන්න කෙනෙක් ඉන්නව ගෙවල් 10ක් විතර තියෙනව දැන්, උපතින් බූදල්කාරයෝ නෙවෙයි. හැබැයි ඇවිදින්නෙත් බිම බලාගෙන බොහොම සාන්ත විදියට.

:       0       0

ranasinghe Friday, 21 July 2017 01:29 PM

අත්අඩංගුවට ගත්තේ කාවද කියන එක රටට හෙළිකරන්න. හැමදාම කියන්නේ මත්ද්‍රව්‍ය කිලෝ දෙසිය තුන්සිය හොයාගත්ත කියලා. ගෙන්නපු ඒවාත් නෑ. අල්ලගත්ත මත්ද්‍රව්‍ය වලට වෙච්ච දේකුත් නෑ. පුදුම රටක්... අහිංසකයෙක් බඩගින්නට පොල් ගෙඩියක්, කොස් ගෙඩියක් කැඩුවොත් නම, ගම පොටෝත් දාලා ඇපයක්වත් නැතුව අවුරුදු ගණන් රිමාන්ඩ්. අනේ මන්ද අපිටත් මේ වගේ පාලකයෝ ඉන්නවනේ..

:       0       150

saman Friday, 21 July 2017 02:39 PM

කොහොම වුණත් හැමදාම වගේ අන්තිමට මේවා ගෙන්නපු තෝරු, මෝරු පැනලා ගිහින් කොහේවත් ඉන්න හාල් මැස්සෝ ටිකක් අහුවෙයි....

:       0       140

PerakumFriday, 21 July 2017 03:53 PM

අයියෝ සමන් දන්නේ නැද්ද? මේ ජහ පාලනය නේ..

:       0       15

Saman Friday, 21 July 2017 03:08 PM

ඇන්ටන් මහත්තයා තමයි ඇත්තම කිව්වේ...

:       0       5

ASD Bandara Friday, 21 July 2017 03:09 PM

මේක තමයි පගාවේ උපත කියලා කියන්නේ....

:       0       3

Chandana Friday, 21 July 2017 03:26 PM

ඔය කස්ටම් එකේ නිලධාරීන් මාරු කරන්නේ කුඩුගෙනාපු කෙනාව බේරගන්න... දැන් පත්තරේ ලොකුවට මේ අයව මාරු කළා කියලා දැම්මාම අපේ අනුවණ මිනිසුන්ට හරිම සතුටුයි. බලාගෙන ඉන්න තව අවුරුදු 50ක් විතර යනකොට මහජාතියට වෙන දේ... රට, ජාතිය, ආගම සේරම ඉවරයි...

:       0       75

raveendra Friday, 21 July 2017 03:55 PM

ශ්‍රී ලංකා රේගුවේ අවංකව සේවය කරන නිහතමානී නිලධාරීන් ඉතාම අතලොස්සක් සිටිනබව අප කිවයුතුමය. එම නිලධාරීන්ට අප හිසනමා ආචාරය කරන අතර වැඩිපුරම සිටින්නේ නරක පිරිසකි. මේ අය ඉතා සුඛෝපබෝගී ජිවිත ගත කරන බව අප සැවොම දන්නා කරුණකි. මෙවැනි අයගේ පවුල් වලටද, පවුල්වල දරුවන්ගේ දරුවන්ටද ජාති ජාතිත් වන්දි ගෙවීමට සිදුවෙනු ඇත. මෙය හොරකම් කරන හැම අයෙකුටම පොදු සාධකයකි.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site