ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී.කපිල
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත් ගුලි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බ්‍රසීල ජාතිකයකු (25) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 664 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබු සැකකරු පිළිබඳව කල්තියා ලද තොරතුරකට අනුව නියෝජ්‍ය රේගු අධිකාරින් වන නුවන් අබේනායක සහ ශ්‍රී ලාල් විජේවර්ධනව යන මහත්වරුන් විසින් සිය බාරයට ගෙන දිර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් කොකේන් මත් ගුලි ගිල දමා පැමිණි බව පිළිගෙන තිබේ.
මේ අනුව සැකකාර විදේශීකයා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර කරන ලද වෛද්‍ය පරික්ෂණයෙන් පසුව ග්‍රෑම් 8-10 අතර බරින් යුතු විශේෂ පොලිතින් ආවරණ සහිත කොකේන් මත් ගුලි 58 ක් අද (1) උදෑසන වන විට ලබා ගත් බව පොලීසිය කියයි.
මත් ද්‍රව්‍ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල , සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කටුනායක ගුවන්තොටුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරින් මෙහෙයුමට සහභාගී වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොකේන් ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයා අත්අඩංගුවට
Kudumaamaa Sunday, 01 July 2018 07:34 AM
මේවායේ අසූචි තැවරිලා තියෙන නිසා පාවිච්චි කරන අයට දෙවි පිහිටයි...............