(ඉන්දිකා රාමනායක)
මඩකලපුව වව්නතීව් කොක්අඩිචෝලේ ප‍්‍රදේශයේ වළදමා තිබු තිබු 82 වර්ගයේ අත්බෝම් 24ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බෝම්ම තොගය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ ව්වනතීව් කදවුර වෙත ලැබුණු තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ භට පිරිස් විසින් මෙම බෝම්බ සොයාගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ප‍්‍රදේශයේ පුද්ගලයකු ගඩොල් කැපීම සදහා පස් ලබාගත් වලක තිබී මෙම බෝම්බ දැක සිද්ධිය විශේෂ කාර්ය බලකාය වෙත දැනුම් දී තිබුණි.
මෙම බෝම්බ සියල්ලම මළ බැදී ඇති බවත් ඒවා යුද සමයේ වළදමන්නට ඇති බවට විශේෂ කාර්ය බලකාය සැකකරයි.
අත්අඩංගුවට ගත් බෝම්බ විශේෂ කාර්ය බලකාය ආරක්ෂිත නිශ්කී‍්‍රය කළ බවද විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.
(ඡායාරූප - ටී.එල්.ජවුෆර්ඛාන්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd