(මොහොමඞ් බුහාර්ඩින්)
පෞද්ගලික ජල බොතල් අලෙවි සමාගමක් නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳීයාමට පටන් ගෙන ඇතැයි කියමින් ඉබ්බාගමුව ඹ්මාරගොල්ල ගම්වාසිහු පිරිසක් අද (26) දඹුල්ල කුරුණැගල මාර්ගය අවහිර කරමින් විරොධතාවක නිරත වුහ
විරෝධතාකරුවන් කියා සිටියේ මෙම සමාගම සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා භුගත ජලය පොම්ප කිරිම නිසා ගම්මානයේ ඇති ජල මුලාශ සියල්ලම සිදි යාමට පටන්ගෙන ඇති බවයි.
මෙම ගම්මානයේ පවුල් 700 ක ගම්මු ජලය සොයා වෙනත් ප‍්‍රදේශ වලට යැමට සිදුව ඇති බවත් ඉන් සාමාන්‍ය ජීවිතයට බාධා සිදුවෙන බවත් ඔවුහූ කීහ.
වහාම අදාළ බලධාරින් මැදිහත් වී මෙම ආයතනය වසා දමා ජල මුලාශ රැකගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලූහ.එසේ නොවුණහොත් තවත් මෙහි තවත් රතුපස්වලක් බිහි විමට ඉඩ ඇති බව ගම්මු පැවසූහ.
විරෝධතාකරුවන් මාර්ගය අවහිර කිරිම නිසා දඹුල්ල කුරුණැගල මාර්ගයේ ගමනාගමනය පැයක පමණ කාලයක් ඇණහිට තිබිණි.
මෙම ස්ථානයට පැමිණි එජාප හිරියාල ආසන සංවිධායක ජගත් මංජුල යාපා මහතා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර කඩිනම් විසදුමක් ලබා දෙන බවට ප‍්‍රකාශ කිරිමෙන් පසු ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවෝ විසිර ගියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඕමාරගොල්ලේ වැසියෝ පාර වසති
Lanka Perera Wednesday, 27 September 2017 01:43 AM
පාරවල් වැහැව්වා කියලා ගැටළු විසදෙන්නේ නෑ.... ගැටළුවට මුල වෙච්ච් ආයතන හෝ බලධාරින් ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න... පාර වැහැව්වා කියලා පාරේ අයටයි පාඩු, බලධාරීන්ට වත් ගැටලුවට මුල් වෙච්ච සමාගමට වත් නොවෙයි.