( තිළිණි ද සිල්වා)
වසර 13කුත් මාස 9 ක් තිස්සේ හාම්පුතුගෙන් කිසිදු වැටුපක් නොලැබ ඕමානයේ ගෘහසේවයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට හිමි විය යුතුව තිබූ රුපියල් ලක්ෂ 36කට ආසන්න හිඟ වැටුප් අදාළ හාම්පුතුගෙන් අය කර ගැනීමට ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත.
මෙලෙස හිඟ වැටුප් හිමිව ඇත්තේ පානදුර මොරවින්න පදිංචිකාරියක වන නාලනී ප‍්‍රනාන්දු නම් 60 හැවිරිදි දෙදරු මවකටය.
මෙම කාන්තාව 2001 වසරේ දී ඕමානයේ මස්කට් නුවරට සිට කිලෝමීටර් 300කට ඈතින් පිහිටි ජාලන් බානි නැමති ප‍්‍රදේශයේ ඕමාන ජාතික හාම්පුතකුගේ නිවසේ සේවය සඳහා ගොස් ඇත.
එම ඕමාන ජාතික හාම්පුතු සිය බිරිඳ සහ දරුවන් සමඟ මෙම ලාංකික ගෘහසේවිකාව සිය නිවසේ නවත්වා වෙනත් රටකට ගොස් ඇති බවත් ,එම හාම්පුතු පොරොන්දු වූ පරිදි මෙම ලාංකික සේවිකාවට හිමි මාසික වැටුප ගෙවා නොමැති බවත් සිය ඒජන්තකරුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබුණු බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එසේම මෙම කාන්තාව 2015 වසරේ ජූලි මාසයේ ඕමාන පොලීසිය හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැකවරණ බාරයට පත්වන තෙක්ම වැටුප් නොලබා අවුරුදු 13කට වැඩි කාලයක් සේවය කර ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුරක්ෂා නිවසේ රැකවල් භාරයට පත් මෙම කාන්තාව වෙනුවෙන් වහා මැදිහත්වූ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති එම්.කේ.පත්මනාදන් මහතා හා ප‍්‍රධාන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම කාන්තාවට හිමි වැටුප් යළි ලබා ගැනීම වෙනුවෙන් අදාළ හාම්පුතුට එරෙහිව ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී එරට ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබීය.
ඕමාන අධිකරණය හමුවේ ගොනු කළ මෙම පැමිණිල්ල විභාගයේදී නොමිලේ නීති සහාය අදාළ කාන්තාවට හිමිවිය.
ඇයට වැටුප් නොගෙවූ බවට හාම්පුතු සිය වරද පිළිගත් බවත් ඔහු මාස තුනකට ආසන්න කාලයක් එරට රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් එම තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලංකාදීපයට වැඩිදුරටත් කීවේය.
නඩුව විභාගය අවසානයේ ඕමාන ජාතික හාම්පුතු විසින් ලාංකික ගෘහසේවිකාවට නොගෙවූ වසර 13 කට වැඩි හිඟ වැටුප් මුදලින් රුපියල් තිස් ලක්ෂයක මුදලක් එකවර ගෙවීමට පොරොන්දු වී ඇත.
ඉතිරි මුදල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මසකට රුපියල් 60,000 බැගින් ඇයගේ බැංකු ගිණුමට බැර කිරීමට එම හාම්පුතු එකඟවී ඇතැයි ද හෙතෙම කීය.
ඇගේ හිඟ වැටුප් අය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති එම්.කේ පත්මනාදන් එම තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධක කටයුතු පිළිබඳ උපදේශක එච්.ටී.සුමනසේකර යන මහත්වරුන් ඇතුළු මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විශාල කාර්ය භාර්යයක් ඉටු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කාන්තාවන්ට මුස්ලිම් රටවලට ගිහින් සල්ලි ලක්ෂ ගණන් උපයන්න පුළුවන්, නමුත් ලංකාවේ බොහෝවිට පතුරුවන්නේ ජාතිවාදයයි...
සෞදියේ එහෙම පැමිණිළි කරා නම් හිරේ තමයි දාන්නේ... කාන්තාවට ඕමාන නීතිය මොන තරම් සාධාරණද?
අපේ රටේ බලධාරීන් ලෙඩා මැරුණාට පස්සේ බෙහෙත් දෙන්න නම් හරි දක්ෂයි ...
අර්ස්ච්ලොච් මහත්තයෝ, මේ කාන්තාව වසර 13කට වැඩි කාලයක් වැටුප් නොලබා වහල් සේවයේ යෙදීම ගැන ඔබ කියන්නේ ඇයට බොහොම හොඳින් සැලකුව වගේනේ..
ඕමානයේ තානාපතිතුමා අවංකවම වැඩකළ බව නම් පේනවා...