IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඔස්ට්‍රියාවේ ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලය යළි කැඳවයි

ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නැවත කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
 
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිනි පි‍්‍රයානි විජේසේකර මහත්මිය ඇමතීමට අවශ්‍ය වී තිබෙන අතර ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරීන් පැය හතරකට ආසන්න කාලයක් පි‍්‍රයානි විජේසේකර මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගෙන ඇත. එහෙත් එය සාර්ථක වී නැත.
 
අවසානයේදී තානාපති කාර්යාලයේ මුරකරුවකු දුරකතනයට පිළිතුරු දෙමින් එම අවස්ථාවේ තානාපති කාර්යාලයේ කිසිවකු නොමැති බව සඳහන් කර ඇත. එම මුරකරු ඒ බව තානාපතිනි ප‍්‍රියානි විජේසේකර මහත්මියට දැනුම් දී තිබෙන අතර ඉන්පසු විජේසේකර මහත්මිය ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ එය ද සාර්ථක වී නැත.
 
උපදේශිකා දයානි මෙන්ඩිස්, සහායක නිලධාරි ගෙහාන් දිසානායක සහ තානාපතිනියගේ පෞද්ගලික සහායක යන අය කැඳවූ අනෙක් පිරිස වෙති. 
 
මේ අතර නව තානාපතිවරයකු සහ කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් ඔස්ටි‍්‍රයාවේ වියානා වෙත යවන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
සන්ඬේ ටයිම්ස්
 
055



අදහස් (25)

ඔස්ට්‍රියාවේ ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලය යළි කැඳවයි

sena Sunday, 16 September 2018 11:04 AM

තානාපතිවරියගේ මොබයිල් එකට කෝල් එකක් ගන්න බැරි වුණාද? අනික තානාපතිවරිය වැරැද්දක් කළානම් එතුමියට දඬුවම් දෙනවා මිසක් මුළු කාර්ය මණ්ඩලයටම දඬුවම් දෙන්නේ මොකටද? මහජන සල්ලි නාස්තිකරන බොරු වැඩ...

:       610       268

RaveendraSunday, 16 September 2018 03:09 PM

සේන මයා වෙත, අප විශ්වාස කරනවා රටේ පුරවැසියන් කව්රු හෝ වේවා අප රට නියෝජනය කරන තානාපති කෙනෙකුට අමතන්නේ ඕපාදුප කතා කිරීමට නොවන බව.., එසේම දෙවැනි නිලධාරියාත් අමතන්නේ කිනම් හෝ වැදගත් කාරණයකට වියයුතු නොවේද? එ්රටේ වෙලාව මැදියම් රැය වුණත් තානාපති කෙනෙකු තම රට මුල්පුරවැසියට පිළිතුරු දිය යුතුමයි යන්න අපගේ අදහසයි. අප තරයේ විශ්වාස කරනවා මෙවන් තානාපතින් නෙරපාදමා එ් සඳහා කඩිසර කර්යශූර නිලධාරීන් පත්කළ යුතු බවට...

:       7       483

senaMonday, 17 September 2018 04:24 AM

හරි ඉතින් තානාපති තුමිය වැරැද්දක් කරාම කියමුකෝ, ඉතින් කිසිම වග විබාගයක් පරීක්ෂණයක් නැතුව ඔක්කොටම දඩුවම් දෙන එක විකාරයක් නෙවෙයිද? සල්ලි නාස්තියක් නෙවෙයිද ? විහිලුම වැඩේ කියන්නේ දුරකතනයට උත්තර දීපු මුරකරුටත් ආපසු එන්න සිද්ධ වීම, මහදැන මුත්තලා අපේ සාහිත්‍යයේ මිසක් ජීවමානව නොහිටපු අඩුව පුරවන්නද හදන්නේ?

:       103       213

Nuwan Monday, 17 September 2018 04:55 PM

සේන කියන අයත් වැඩ තහනම් වෙලා ලංකාවට ආපු කෙනෙක් වාගෙයි ඔච්චරයි අඬන්නට හේතුව.. ලංකාවේ පිටරටවල තානාපති සේවයේ ඉන්න අය අන්තිමයි... කිසිම වැඩක් නෑ.

:       0       15

TD Sunday, 16 September 2018 11:11 AM

හොඳ වැඩේ රෑට නිදා ගන්නවට... මින් මතුවට ලංකාවේ වෙලාව අනුව නිදාගන්න.

:       198       174

RNG Sunday, 16 September 2018 02:01 PM

නිදාගෙන නෙවෙයි, එතුමිය වැදගත් වැඩකට පිටට ගිහිල්ලයි ඉඳලා තියෙන්නේ.. කාර්යාලීය දුරකථනයට තමයි ඇමතුම අරගෙන තියෙන්නේ....

:       135       18

TDSunday, 16 September 2018 04:31 PM

විහිළු දන්නේ නැද්ද.?

:       0       1

Appuhaamy Sunday, 16 September 2018 11:21 AM

කජු ප්‍රශ්නයක්ද?

:       237       248

tommy Sunday, 16 September 2018 11:44 AM

තානාපති කාර්යාලයේ රාජකාරී වෙලාව තුල කිසිවෙක් නොසිටියේ නම් මා සිතන්නේ එය බලවත් වරදක් බවයි. ජනාධිපතිතුමා මෙවැනි දැඩි තීරණ ගැනීම සතුටට කාරණයක්. ලංකාවේ මහජනයා බිල්ලට තබා වර්ජන කරන වෛද්‍ය, පුද්ගලික බස්, දුම්රිය සංගම් වල ක්‍රියාකලාප ගැනද මෙවැනිම දැඩි තීරණ ගන්නවා නම් වඩාත් හොඳ යයි සිතමි.

:       6       497

සිරිමල් Sunday, 16 September 2018 11:50 AM

මම මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලේ දහයට නිදා ගන්නවා නම් එකොළහට දුරකථනයෙන් කතා කලේ හීනෙන්වත්ද කියලයි...

:       212       251

සමන් අමරසිංහ Sunday, 16 September 2018 02:14 PM

අපිට ආරංචි විදිහට ඔස්ට්‍රියාවේ වේලාවෙන් රෑ තමයි කතා කරලා තියෙන්නේ. ඔච්චර හදිස්සියක් තිබ්බා නම් තානාපතිවරියගේ ජංගම දුරකථනයට කතා කරන්න තිබ්බනේ. අපේ ගොඩක් අය හිතන් ඉන්නේ ලෝකෙටම ඉර පායන්නේ, බහින්නේ එකම වෙලාවට කියලා. මේ වගේ සුළු දේකටත් තානාපති ආපහු ගෙන්වන එකේ, අර කටාර් වල ඉස්කෝලෙකට වැඩ කරගන්න දෙන්නේ නැතුව කරදර කරන, ජනාධිපතිතුමා ඉදිරිපිටම බදු, වංචා කරන හැටි කියන, තානාපතිවත් ගෙන්න ගන්නකෝ... ඔයාලා ඔක්කොම එකයි හලෝ. වාසි පිලට හෝයියා. සාමාන්‍ය ජනතාවට තමයි ඔක්කොම කරදර...

:       429       565

PerakumSunday, 16 September 2018 04:03 PM

සමන් දන්න විදියට ඔය නෝනා අපේ විදේශ සේවයේද නැත්නම් කටාර් තානාපති වගේ පන්දමක්ද..? පත්කළේ කව්ද..?

:       42       0

senakaSunday, 16 September 2018 05:03 PM

මා සිතන්නේ නැහැ ජනාධිපති කාර්යාලය ඔස්ට්‍රියාවේ වෙලාව නොදැන දුරකතනයෙන් කතා කලා කියා. වර්තමාන ජනාධිපති කාර්යාලය එවැනි දැයක් ගැන නොදැනුවත් යැයි සිතිය නොහැක.

:       0       13

සනත් Sunday, 16 September 2018 05:30 PM

ඔස්ට්‍රියාවේ වෙලාව අපිට පැය තුන හමාරක් පිටිපසින් තියෙන බව ජනාධිපති කාර්ය මණ්ඩලය හොඳින් දන්නවා. අනික එයාල පැය 4 ක් උත්සහ කරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ වැඩ පටන්ගන්නේ උදේ 8 ට ඉතින් ඒ වෙලාවේ ඔස්ට්‍රියාවේ වෙලාව උදේ 4.30 යි කියලා හැමෝම දන්නා නිසා කවුරුත් එයාලගේ නින්දට බාධා කරන්නේ නැහැ. ඔස්ට්‍රියාවේ වැඩ කරන කාලසීමාවේ දී එයාල සම්බන්ධකරගන්න බැරිවුණා කියන්නේ බරපතල විනය කඩකිරීමක්.

:       0       40

RaveendraSunday, 16 September 2018 05:37 PM

සමන් අමරසිංහ මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. නමුත් රාත්‍රී හෝ දහවල් කාලයේ කතා කලත් තානාපතිගේ වගකීම පිළිතුරි දීම නොවේද ? මොකද අපරටේ මුල් පුරවැසියාට කිනම් හෝ වැදගත් අවශ්‍යතාවයකට ඇමතීමක් කරන්නට ඇතියි කියා අප විස්වාස කරනවා. ( මුල්පුරවසියාට සුදුහුණු තවරනවා නොවේ ) කෙසේවෙතත් මේ " සියලුම අටමගලයන් සිදුවන්නේ නුසුදුස්සන් නොහොත් ඇම්බැට්ටයන්, ඔඩොක්කු කුක්කන් මෙවන් වැදගත් තනතුරුවලට පත්කිරීම " නිසා නොවේද ? මෙවන් ක්‍රියාවන් මිට පෙර බලයට පත්වූ සියලුම රජයන් විසින් අඩුවැඩි නැතිව සිදුකලා නොවේද ? ඒ සෑම අවස්තාවකදීම අපගේ මවුබිම ලෝකයා ඉදිරියේ හෑල්ලුවට පත්වූ අවස්ථා ඕනා තරම් තියනවා නොවේද ?

:       0       47

sam Sunday, 16 September 2018 02:22 PM

හදිසි අවස්ථාවලදී තානාපති නිලධාරීන් සම්බන්ධ කරගන්න විදි විදේශ කටයුතු අමාත්‍යංශය සතුව ඇති. සාමාන්‍යයෙන් කරන්නේ විදේශ ලේකම් කියනවා තානාපති සම්බන්ධ කරන්න කියලා. නැත්නම් ජනාධිපති කාර්යාලයේ අවශ්‍ය ටෙලිෆෝන් නොම්මර ලියලා තියාගන්න.

:       162       12

channa Sunday, 16 September 2018 02:39 PM

නිකන් කාලය සහ සල්ලි ගිලින තානපතියන්ට හොඳ පාඩමක්...

:       17       208

Saththaya Sunday, 16 September 2018 02:52 PM

යන පාර මුල ඉඳලාම වරද්දගත්තාම, ඊට පස්සේ කොහේ යනවද දන්නේ නැහැ. අනේ පව්!!! එ්ත් අපිට, වෙන කාටවත් නෙමේ...

:       1       378

THILINA Sunday, 16 September 2018 06:34 PM

පිටරට තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා විශේෂයෙන්ම පිළියෙළ කරණ දුරකථන නාමාවලියක් ව්‍. සෑම වසරක දීම පිළියෙළ කරලා බෙදාහරිනවා තානාපති කාර්යාල වලට සහ ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයකටම. ඉතින් මෙයින් පිටපතක් ( 2017/2018 ) අනිවාර්යෙන්ම ජනාධිපති කාර්යාලයේ සහ ජනපති නිල නිවසේ තියෙන වනේ. තානාපති කාර්ය මණ්ඩලයේ සේවය කරණ රියදුරු තැනගේ සිට තානාපති/ මහකොසාරිස් තුමා දක්වා ජංගම සහ ස්ථාවර ( ලෑන්ඩ් ලයින්ස් ) දුරකථන අංක ( නිවස / කාර්යාලය / ජංගම අංක ) එහි ඇතලත් වෙනවා. මට නම් හරිම ප්‍රහේලිකාවක් අතිගරු ජනාධිපති තුමාට තානාපති තුමිය සම්බන්ධ කරගන්න බැරි වුනේ කොහොමද කියලා. ප්‍රියානි විජේසේකර මැතිණිය වීශ්‍රාමික පාර්ලිමේන්තු මහා ලේකම් වරියක් රාජ්‍ය පරිපාලනය, පාර්ලිමේන්තු කටයුතු ගැන ප්‍රාමාණික දැනුමකින් හෙබි නිලධාරිණියක්. එසේ වතුදු මේක වෙනත් න්‍යාය පත්‍රයක පිළිබිඹුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකි යයි සිතේ.

:       4       205

විජිත් Sunday, 16 September 2018 07:36 PM

ප්‍රියානි විජේසේකර මහත්මිය පාර්ලිමේන්තුවේ හිටපු කොමසරිස්තුමියයි. මම දන්නා හැටියට නම් එතුමිය කාර්යශුර පරිපාලන නිලධාරිනියක්. මට හිතෙන්නේ නම් මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලයි. අපි ටිකක් බලාගෙන ඉමු. සත්‍ය ටික දවසකින් එලිවේවි.

:       0       158

ලුම්බිණි Monday, 17 September 2018 03:29 AM

මේවා ලෝකයම හිනස්සවන වැඩ. මේවා කොහෙවත් වෙන්නේ නැති ලෝකයේ උතුම්ම රටේ විතරක් වෙන දේවල්.

:       0       3

දිලුම් Monday, 17 September 2018 03:51 AM

කොහොමත් අපේ රටෙන් යන තානාපතිල කරන දෙයක් නෑ. කරන්නේ මෙහෙ ඉන්න දේශපාලකයෙකුට කඩේ ගිහින් කොහේ හරි හොද රටටක් අල්ලගෙන ඒකේ තානාපති කම ගන්නවා. ඊට පස්සේ පවුල පිටින් ගිහින් සල්ලි හම්බ කරනවා. ඒ රටවල ජීවත්වන අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඒ අයට වැඩක් නෑ.

:       0       15

malka Monday, 17 September 2018 06:50 AM

කටිටියම ෂොපින් ගිහින් ඇති...

:       1       20

නන්දික Monday, 17 September 2018 08:05 AM

කජු සිද්ධිය වගේ වැඩක් වෙන්න ඇති...

:       0       166

ජූඩ් Monday, 17 September 2018 02:35 PM

ජනාධිපතිතුමා නරකද ඔහොම්ම අර කටාර්වල විකාර කරන පොරවත් ගෙන්න ගත්තා නම්...

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 221 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 721 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 138 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site