(රංජන් කස්තුරි)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 ක් බවත් 2015 වසරේදී එම සංඛ්‍යාව 6,102ක් බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර ගණිතය සහ ඉතිහාසය විෂයයන් සමත් ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ගණිතය සමත් සිසුන් ගණන 28,877ක් බවත් එය ඉකුත් වසරට සාපේක්ෂව 7.63% ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
මේ විදියට බැලුවම පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ගොන් රැලත් ඒ සාමාර්ථ 9ක් අරගන්න තරමට විභාගය ලේසිය් වගේ
ඔන්න යහපාලනයේ ප්‍රතිපල
අපි පාසැල් යන කාලයේ සා.පෙ. ට තිබුනෙ විෂයයන් 8යි. මුළු ලංකාවටම ඩී 8 ගත්ත ළමයි හිටියෙ එක්කෙනයි. එයා අපේ පාසැලේ ළමයෙක්. පාසැලේ දෙවෙනි හොඳම ප්‍රතිපලය ඩී 4 සී 4. මෙවර එම පාසැලේ පමණක් ඒ 9 ගත්ත ළමයි 180 ගණනක් ඉන්නවා. විභාගය ඒ තරමට ලේසි වෙලාද නැත්නම් පරම්පරාවක් ඇතුලත ළමයින්ගෙ බුද්ධිය ඉතා අධික වර්ධනයකට ලක් වෙලාද, එහෙමත් නැත්නම් ටියුෂන් වල බලපෑමද ?
අද මේ විභාග ප්‍රතිපලයෙන් කිසිම රැකියාවකට යා නොහැකි අතර, මේ කඩයිම් විභාගයට අද ඒ තරම් අර්ථයක් නැහැ. මා සිතන්නේ මේ දැන් මේ 10 වන ශ්‍රේණියේ විභාගය නැවැත්විය යුතුයි.
මේ රුපියල බාල්දුවෙන විදියට A එකත් බාල්දු වේවිද?
අපි ලංකාවේ රෙකෝඩ් එකක් තිව්වා අති දුෂ්කර පාසලකින් එක තවම නොබිදුන වාර්තාවක් ගණිතය විශිෂ්ඨ සාමාර්ථ විද්‍යාව විශිෂ්ඨ සාමාර්ත ඉතිහාසය සමාජ අධ්‍යාපනය විශිෂ්ඨ සාමාර්ථ ඒත් අනිත් එවා සම්මාන සාමාර්ථ 1997 ප්‍රතිපල ඉංග්‍රිසි ෆේල් අතරේ ඉස්කොලෙන් පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මෙය ගත් තව කිසිවෙක් ලංකාවේ නෑ මේවා ගැන මාධය වල ලියන්නෙත් නෑ
70-80 ගණන් වල ඩී 8 ගත්ත ගණන අඩුවුනේ, පාසල් අධ්‍යාපනයේ නිරත වූ ශිෂ්‍ය සංඛ්‍යාව අදට සාපේක්ෂව ඉතා අඩු නිසා. අද ඉන්න ළමයි ගොඩක් දක්ෂයි තරගකාරී විභාග වලට. පුද්ගලික උපකාරක පන්ති එදා සහ අද අතර වෙනසට ගොඩක් බලපානවා. එත් ඒ 9ක් ගත්ත 10000ක් හිටියත් අපිට කියන්න බෑ ළමයින්ගේ බුද්ධි වර්ධනයක් වෙලා කියල. සමාජයේ ආකල්ප සහ පාසල් වලින් පිටවෙන ළමයින්ගේ හැසිරීම දැක්කම හිතෙන්නේ ලොකු පසුබෑමක් පසුගිය වසර 30-40 තුලදී