තරිඳු ජයවර්ධන
සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනකු පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සහකාර පොලිස් අධිකාරී ධුරයේ නියමිත කාලය සම්පූර්ණ කර ඇති එම නිලධාරීන් 37 දෙනා පොලිස් අධිකාරී ධුරයට උසස් කරන විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
මීට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ එකම නිලයේ කටයුතු කරන පොලිසියේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් ද සම්මූඛ පරීක්ෂණ පවත්වා උසස්වීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාල කාර්ය පටිපාටිය පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ ඇති අතර ඉදිරි දිනවලදී අදාළ සම්මූඛ පරීක්ෂණ පවත්වන ලෙස කොමිසම දැනුම් දී තිබේ.
එකම තනතුරේ දීර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා පහළ පොලිස් නිලධාරීන් රැසක් අතෘප්තියට පත්වී ඇතැයි ද, පොලිස් සේවයේ සතුටින් කටයුතු කිරීමට හා වැඩි සේවාවක් ලබා ගැනීම සඳහා නිසි කාලයට උසස්වීම් ලබා දිය යුතු යැයි ද, ඒ අනුව ඉදිරියේ දී නියමිත කාලය සපුරන සියලු පොලිස් නිලධාරීන්ට අදාළ අනිකුත් සාධක සම්පූර්ණ වී ඇත්නම් උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේයැයි ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියේ ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ එස් පී 37කට උසස්වීම්