IMG-LOGO

ඒඑස්පී දළුවත්තගෙන් පහරකෑ තරුණයාට කන්න දීලත් නෑ

තරිඳු ජයවර්ධන

හම්බන්තොට පැවැති විරෝධතාවයක දී සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාගේ පහරකෑමට ලක්වූ සුසන්ත බණ්ඩාර කරුණාරත්න නම් තරුණයාට පහරදීමට අමතරව ආහාර ලබා නොදී මානුෂික අවශ්‍යතා නොසලකා හැර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සිදු කළ මූලික විමර්ශනයේ දී සනාථ වී ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් 06 වැනි දා හම්බන්තොට දී පැවැති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට පත් වූ මෙම තරුණයාට සහකාර පොලිස් අධිකාරීවරයා පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විනය පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 2017 ඔක්තෝබර් 10 වැනි දා තමින් කළ පැමිණිල්ලක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු ලේකම් ආරියදාස කුරේ මහතා  විමර්ශන කණ්ඩායම පත් කර තිබේ.

එම විමර්ශන වාර්තාව අවසන් කර අදාළ සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍රයක් ලබා දී ඇති අතර මේ වන විටත් එය විභාග වෙමින් පවතින අතර එම චෝදනා පත්‍රයේ පිටපතක් සහ මූලික පරීක්ෂණ වාර්තාව තොරතුරු දැන ගැනීමේ පනත ඇසුරෙන් ලබා ගැනීමට හැකි විය.

සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාගේ පහරකෑමට ලක්වූ සුසන්ත බන්ඩාර නම් තරුණයා ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන වීරවිල පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ දහවල් 1.30ට පමණ බවත්, ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇත්තේ රාත්‍රී 7.30ට බවත්, ඒ කාලය ඇතුළත ඔවුන්ට ආහාර ලබා නොදීම මගින් එම පිරිසගේ මානුෂික අවශ්‍යතා නොසලකා හැර ඇති බව සනාථ වන බවත්  තොරතුරු දැන ගැනීමේ පනත අනුව යොමු කළ තොරතුරු ඉල්ලුම්පතක් මඟින් ලබා ගත් එම මූලික විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ මහින්ද මොරගොල්ලාගම මහතාගේ සභාපතිත්වයෙන් අතිරේක අධ්‍යක්ෂ ආනන්ද විජේසූරිය සහ විමර්ශන නිලධාරී චූලරත්න ගමගේ මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මෙම මූලික විමර්ශනය සිදු කර ඇත.

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද, වෛද්‍ය පෝරම අංක 443 සිට 470 දක්වා සැකකරුවන් සිටියත් වෛද්‍යවරයා පරීක්ෂා කර ඇත්තේ පස් දෙනකු පමණක් බවද, සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් පහරකෑමට ලක්වූ වීරසේකර මුදියන්සේලාගේ සුසන්ත බණ්ඩාර කරුණාරත්න මහතාට අධිකරණ වෛද්‍ය පෝරම 446 ලියා ඇතත් වෛද්‍යරයා පරීක්ෂා කර නැති බව   බවද විමර්ශන වාර්තාවේ සඳහන්වේ.

මෙම විමර්ශනයේ දී සහකාර පොලිස් අධිකාරී දළුවත්ත මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ පහරකෑමට ලක්වූ තරුණයා තමාගේ මව මතක් කර ඉතා අසභ්‍ය වචනයෙන් බැණ වැදුන නිසා කම්මුලට අත තබා තල්ලු කළ බවයි. කෙසේ වෙතත් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී දළුවත්ත මහතා එම තරුණයාට පහර දී ඇති බවයි.

රාජ්‍ය දේපොළ විදේශිකයන්ට විකිණීමට යතියි කියමින් පැවැති උද්ඝෝෂණයේ රාජකාරි සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතර දෙනකු, පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු, උප පොලිස් පරීක්ෂකවරුන් 35 දෙනකු, පොලිස් සැරයන්වරුන් 76 දෙනකු, පොලිස් කොස්තාපල්වරුන් 241 දෙනකු, කාන්තා පොලිස් කොස්තාපල්වරු 34 දෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරන් තුන් දෙනෙකු ඇතුළු පොලිසියේ නිලධාරීන් 408 දෙනකු ද, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන කැරලි මර්දන කණ්ඩායම් දෙකක්, ජල විදිය යන්ත්‍ර දෙකක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 100 දෙනකු ද කැඳවා තිබී ඇත.

මෙම උද්ඝෝෂණය පැවැති අවස්ථාවේදී විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් ඉන්දියානු තානාපති කාර්යාලය දෙසටත් පොලිස් නිලධාරීන් දෙසටත් ගල්වලින් පහරදීමට පටන් ගත්   බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත්, කලහකාරී පිරිස අතර පහරකෑමට ලක්වූ තරුණයාද සිට ඇති බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ මූලික විමර්ශන වාර්තාවේ දැක්වේ.

මෙම විමර්ශනයෙන් පසු සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව චෝදනා හතරක් යටතේ චෝදනාපත්‍රයක් නිකුත් කර තිබේ.

2017 ඔක්තෝබර හය වන දින හම්බන්තොට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අසල පැවැත්වුණු විරෝධතා රැස්වීමේදී සිදුවූවායැයි පැවසෙන සාමය කඩවීම හා රාජ්‍ය හා ජාත්‍යන්තර දේපොළවලට හානිවීම වැලැක්වීම සඳහා යොදවනු ලැබූ පොලිස් කණ්ඩායම භාරව සිටි සමීපතම ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා වශයෙන් සිය සාධාරණ බලසීමාව ඉක්මවමින් අනිසි ලෙස බලය පාවිච්චි කිරීම සහ/හෝ අවිනතයෙන් කටයුතු කිරීම යන්න සහකාර පොලිස් අධිකාරීවරයාට එල්ල කර ඇති පළමු චෝදනාවයි.

අදාළ දිනයේ එම උද්ඝෝෂණයට සහභාගී වී සිටි වීරසේකර මුදියන්සේලාගේ සුසන්ත බණ්ඩාර කරුණාරත්න යන අයට පහරදී ශාරීරික තුවාල සිදු කිරීම සහ/හෝ අධීක්ෂණ නිලධාරියකු වශයෙන් අනවධානයෙන් කටයුතු කිරීම, එකී සුසන්ත බණ්ඩාර කරුණාරත්න නැමැති අය අත්අඩංගුවට ගෙන සිටියදී අවිචාරාත්මකව ක්‍රියාත්මක කිරීමෙන් අදාළ සිවිල් පුද්ගලයා කෙරෙහි පීඩාකාරී ලෙස හැසිරීම සහ ඉහත සඳහන් චෝදනා සියල්ල හෝ ඉන් කිහිපයක් හෝ ඉන් එකක් සිදුකිරීම මගින් ශ්‍රී ලංකා පොලිස් සේවය සහ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව එල්ල කර ඇත.

මෙම චෝදනා යටතේ මේ වන විට විනය පරීක්ෂණය පැවැත්වෙමින් තිබේ.

 



අදහස් (2)

ඒඑස්පී දළුවත්තගෙන් පහරකෑ තරුණයාට කන්න දීලත් නෑ

Saththaya Friday, 17 August 2018 09:46 AM

රටේ නීතිය කියන්නේ දේශපාලකයාගේ නීතිය නෙමෙයි. හැමෝම රටේ නීතියට ගරු කරන්න. කන්න නොදී හරි, කනේ පාරක් දීලා හරි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් එම නිලධාරියා සේවයට සුදුසු නැහැ.

:       42       0

NuwanFriday, 17 August 2018 11:34 AM

ඔබගේ අවම බුද්ධිය පිළිබඳව කණගාටු වන අතර පොලිස් නිලධාරීන් යනු පාරේ ඉන්නා මැරයන් නොවන අතර ඔවුන් නිසි පුහුණුවක් සහ ඉහළ විනයගරුක බවකින් යුක්තව කටයුතු කළ යුතුය.. එම කාර්යය සඳහා මහජනතාවගේ මුදලින් ඔවුන්ට වැටුප් ලබාදීම කරයි. නැතුව මැරයන් වීමට නොවේ.

:       1       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site