අංජුල මහික වීරරත්න
එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට(5) බාර දීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරණ අතර හරින් ප්‍රනාන්දු , සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී පෙරේරා ඇමතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී මේ කමිටුව පත් කළේය.
COMMENTS
වැඩක් නැහැ. ඔය කොමිටියේ ඉන්නෙත් රනිල්ගේ ගෝලයෝ. එජාප එක ජනතා ආකර්ශණය ඇති පක්ෂයක් වීමට නම් රනිල් ඉවත්ව යා යුතුයි. කොච්චර හොඳ වුණත්, ගුණ වුණත් අලෙවි කළ නොහැකි භාණ්ඩයකින් ඇති වැඩක් නැහැ. එතුමා ඉවත්ව යා යුතුයි. එතුමගේ මිත්‍රයින් ටිකත් යා යුතුයි. නැතිනම් අපි එජාප ය වුණත් ඡන්දය දෙන්නේ නැහැ. එජාප එක අමාරුවෙන් බලයට එන හැම දෙනෙක්ම රනිල්ගේ යාළුවෝ... වසරක් තුළදී මිනිසුන්ට එජාපය එපා කරවනවා. ඔය කට්ටිය එජාපය කනවා.
කෝවක දාල මැකෙව්වොත් සමහර විට හරි යාවි
එක්සත් ජාතික පක්ෂයට නායකත්වය වෙනසක් සහ අගමැතිවරුන් එළවීම කරලියට පැමිණෙන්නේ මැතිවරණයකින් පසුවය. නයකයන් එළවීමට පෙර පක්ෂය විසින් උගත්, බුද්දිමත් ඉවසීමක් තිබෙන සැමදෙනාටම සවන් දෙන බොහෝ දේ ගැන තීරණ ගැනීමට පෙර ගැඹුරින් සිතා බැලිය හැකි රනිල් හැර වෙනත් පුද්ගලයකු එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවාදැයි ඉතා ගැඹුරින් සොයා බැලීම, රනිල් එළවීම ට ක්‍රියාකරන මෙන්ම නොකරන සෑම දෙනාම ඉතා ගැඹුරින් සොයා බැලිය යුතු ප්‍රබල කාරණයකි. රනිල් යනු පක්ෂයේ ජයග්ග්‍රහණයේදීත් පරාජයෙදීත් සෑම නායකයකු සමග නායකත්වට ගරුකරමින් ඔවුන්ව ආරක්ෂා කරමින් ඔවුන්ව එළවීමට තබා නායකයට විරුද්දව වචනක් හෝ ප්‍රකාස නොකළ පක්ෂය එක්සත් කිරීමට සහ පක්ෂය සක්තිමත් කිරීමට මුලිකව ක්‍රියාකළ එකම පුද්ගලයාය. ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නොසිටියේනම් අද එක්සත් ජාතික පක්ෂයක් නොමැත, නායකයන් එළවීමට පක්ෂයක් නොමැත.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ
ඔය විකාර නවත්තලා පාක්ෂිකයා රකින අවුරුදු 20 දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පාක්ෂිකයාට සහන.. පාසල් හැරයන දරුවන්න්ගේ අනාගත උදෙසා වැඩපිළිවලක් රටේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසදුම්.. 2015 ජනතාවට ඉදිරිපත් කළ යෝජනා, පොරොන්දු හනිකට ක්‍රියාත්මකකර යහපාලනය ක්‍රියාවෙන් ඔප්පු කරන්න... ජනතා කතිරය කවදත් බලවත් බව සිතන්න .. තිස්ස අත්තනායක මහතා හෝ එවැනි දක්ෂ කඩිසර ක්‍රියාශීලි පාක්ෂිකයා රැකපු මහ ලේකම්වරයෙක් කඩිනමින් වුවමනා බව නායකතුමා ඇතුළු තීරණ කමිටුව කටයුතු කළ යුතුමයි.
ප්‍රතිසංවිධානය නොවෙයි සංවිධානය වන්න.