(අංජුල මහික වීරරත්න)
විශ්වාස භංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු 6 සහ 7,8 දින වල සම්පුර්ණයෙන්ම අවසන් කෙරෙන අතර ඒ සඳහා පුර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මෙම ප්‍රතිසංවිධාන කටයුතු සිදු වන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටු වාර්තා පදනම් කරගනිමිනි.
අවසන් ප්‍රතිසංවිධාන යෝජනාව ලබන ඉරිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
COMMENTS
අගමැතිතුමනි මොන මණ්ඩලයක් හරි පත්කර රටට වැඩදායී හා අවංක දක්ෂ ඇමති හා මන්ත්‍රි මණ්ඩලයක් සාදන්න.
ඔය අනන්නේ එකම කාඩ් පැක් එක. ඉතින් ඉන්න ජෝකර්ලා ටික එහාට මෙහාට යන එක විතරයි වෙන්නේ ජෝකරලා එතනම ඉන්නවා.
ආ හරි ඒ කියන්නේ මේ පාරත් ඕක වෙන්නේ නෑ
කනේ ඉඳගෙන කණ කෑව කණ්ඩායමක් එක්ක සම්මුතිවාදයක් කරන්න ගිහින් ඇද්ද ඉල්ලන් කැවා. ඇති ඔයින් ගියා. රනිල් වික්‍රමසිංහයන්ටත්, ඔහුගේ පිරිසටත් කියන්නට ඇත්තේ වාද කරන්න, තර්ක කරන්න. ඒත් හදවතින් කිසිදිනෙක ඈත් නොවන්න. සියලු දෙනාට ගෞරව කරන්න. එකිනෙකා විවේචනය නොකරන්න. ඒකේ වාසිය යන්නේ අනිත් අයට කියලයි. තව තවත් දිරිමත් වෙලා මිසක් ඉදිරි කාලය හිතුවාට වඩා භයංකර කිරීමට මේ සියල්ලම සැදී පැහැදී ඉන්නා බව පමණක් මතක තියාගෙන කටයුතු කරන්න.
ඕනෑම පක්ෂයක ,හදවත ,ශක්තිය, ප්‍රාණය දිරිගැන්වීම, ජයග්‍රහණය රැදී ඇත්තේ එම පක්ෂයේ මහ ලේකම්තුමා මතය. එතුමා තුල ඇහුන්කන්දීම, නිහතමානිකම, සුහද තාවය, සම්බන්දතාවය පැය 24 තුලම කැපවීම ,බිම් මට්ටමේ පාක්ෂිකයා සමග සබදතාවය හා දිරිගැන්වීම , සෑම විටම ආසන සංවිධායකයින් සමග සබදතාවය ,පාක්ෂිකයා වර්ධනය කරන නව වැඩපිළිවලවල් ක්‍රියාත්මක කිරිම, පාක්ෂිකයෝ අතර විරසක නිරාකරණය කොට සමගි කිරීම, පරාජය වූ ආසන එහෙම වුනේ ඇයි සොයා එයට කඩිනම් පිළියම් ක්‍රියාත්මක කිරීම , සාමාජිකයින් බදවා ගැනීම වේගවත් කිරීම , විදේශ රටවල ශාඛා පිහිටුවා නිතර නිතර ඒ සමග සබදතා ක්‍රියාත්මක කිරීම ,පාක්ෂිකයා රැක ගන්න නව වැඩසටහන් නිර්මාණයකොට ක්‍රියාත්මක කිරීම පාක්ෂිකයාගේ බලාපොරොත්තු කඩිනමින් ඉටුකර පක්ෂය ජයමාවත කරා යාමයි . රොහාන් දයාදර පැරිස් .....!!!
එකම පැක් එක හරි අනලා රටට වැඩක් කරන්න. පහුගිය කාලේ වගේ එකම පවුල රට කෑවා වගේ නැති එක නම් ලොකු දෙයක්. ජනවාරි 8 වෙනිදා දුන්න පොරොන්දු ඉක්මනට ඉටු කරන්න. නැත්නම් ගෙදර යන්න සූදානම් වෙන්න.