(එස්.ප්‍රදීපන්/සිරාජ් හසීම්)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතකරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් විසින් උතුරු පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගැනීම ලබන 14 වැනි දා තෙක් කල් තැබීමට පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා අද (09) තීරණය කළේය.
මෙම යෝජනාවේ නිර්දේශයන් මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටද මෙහි සඳහන් වේ.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් හා උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් ලබන 11 වැනි දා ජිනීවා යෝජනාව පිළිබද සාකච්ඡාවක් පවත්වන බැවින් මෙම යෝජනාව අද දිනයේදී විභාගයට නොගත යුතු බවට පළාත් සභාවේ බහුතර මතය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd