(බිඟුන් මේනක ගමගේ)
ඌව පළාතේ දෙමළ පාසල්වල උගන්වන, දෙමළ භාෂාව නොදන්නා සියලු සිංහල ගුරුවරුන් ස්ථාන මාරුකිරීමට ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා ගෙන ඇති තීරණයෙන් නැති ප්‍රශ්න ඇති වනු ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
සිංහල භාෂාව නිවැරැදිව නොදන්නා දෙමළ ගුරුවරුන් සිංහල පාසල්වල ද ඕනෑ තරම් සිටින්නේ යැයි ද ඒ අනුව සෙසු පළාත් ඇමැතිවරු ද මෙවැනි තීන්දු ගතහොත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇති වනු ඇතැයි ද ස්ටාලින් මහතා අවධාරණය කළේය.
ගුරුවරුන් නිසි ඇගයීමකට ලක් නොකොට ස්ථානගත කිරීමෙන් මෙවැනි භාෂා ප්‍රශ්න මතුවන්නේ යැයි කී හෙතෙම එමනිසා මෙම ප්‍රශ්නය විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වහාම මැදිහත් විය යුතු යැයි ද කීවේය.
මෙම තීරණයෙන් ගුරුවරුන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොදෙන්නේ යැයි ද ලංකා ගුරු සංගමය හැටියට මීට කඩිනමින් මැදිහත් වන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
උතුරේ විෂ බිජ රට මැදටත් බෝ වෙලා වගේ... සංහිදියාව රකින්නේ මහා ජාතිය විතරමද?
කරුණාකරලා අලුත් ව්‍යවස්ථාවෙන් පළාත්සභා නැතිකරන්න යෝජනා කරන්න. එහෙම නැති වුනොත් තව අවරුදු 30ක් යන්න කලින් තවත් යුද්ධයක් පටන් ගන්නවා. නැතිනම් ජාතිවාදීන් මේ රට අල්ලාගන්නවා.
තේරෙන්නෙ නෑති නිසයි අහන්නේ... දැන් දෙමළ ඉස්කොලෙක දෙමල දන්නේ නැති ටීචර්ලා මොකටද? දෙමල ළමයින්ට සිංහල උගන්වන ටීචර්ටත් දෙමළ බැරිනම්, මාර ප්‍රශ්නයක් නේ... එහෙම නම්, මේ මාරු කිරීම සාධාරණයි වගේ.. ඒ වගේම සිංහල බැරි දෙමළ ටීචර්ලා සිංහල ඉස්කොලවල ඉන්නවා නම්, ඒ අයවත් මාරු කරන්න ඕනේ. නැත්නම් ඒ භාෂාවට අදාලව පාඨමාලාවක් කරවලා විභාගයකින් සමත් කරවන්න ඕනේ. මේ රටේ භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවා.. ඇයි මේ අය මේකට විරුද්ධ වන්නේ? අනිවාර්යෙන්ම ගම් පළාතෙන් මාරුවෙන්න වෙයි කියලානේද?
ජාතික සංහිඳියාව කඳුකරයටත් ව්‍යාප්ත වෙලා...