රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති හා දේශන ආදිය පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද මධයම රාත්‍රී 12 න් පසුව උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරිම,පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම බෙදාහැරිම, අත්පත්‍රිකා බෙදාදීම ආදිය තහනම් වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාර පන්ති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම හෙට (1) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උසස් පෙළ උපකාරක පන්ති අද මැදියම් රෑ සිට තහනම්
sampath Monday, 30 July 2018 11:02 AM
මේකේ ඇති පදනම මොකක්ද ළමන්ට ඕනෙනම් ඕනේ වෙලාවක ඉගෙන ගනිවී තහනම් කිරීමනම් පදනමක් නැති දෙයක් කෙසේ වෙතත විභාග ලියන ළමයි...... අන්තිම තත්පරෙත් පාඩම් කරනවා එක එක එක ළමයාගේ ක්‍රමවේදය කෙසේ උනත් විභාග පැය 7 කට 8 කලින් මනස විවේක කර ගෙනීම ඉතා හොඳ දෙයක් එත් මේවා සපෙක්ෂයි......