IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර

(හර්ෂණ තුෂාර සිල්වා)

‘උමා ඔය’ ව්‍යාපෘතිය  හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පවසයි. 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද  අමරවීර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
“ සැබැවින්ම උමා ඔය ව්‍යාපෘතිය  නිසා බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසක් උදාකර තිබේ. මෙම තත්ත්වයට විසදුම් ලබා දීමේ දී කෙටිකාලීනව හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් ලබා දිය යුතුය. දැනට තිබෙන තත්ත්වය අනුව එම භූමිය මතුපිට පෙනෙන තත්ත්වය අනුව පමණක් නොව, අභ්‍යන්තරය තුළ පවතින තත්ත්ව අනුව ද  කිසිසේත්ම තවදුරටත් එම ජනතාව එම භුමියේ රඳවා තැබීම අවදානම් සහගතය. පසුගිය දිනවල දකුණට ඇද හැළුන වර්ෂාව වැනි වර්ෂාපතනයක් බණ්ඩාරවෙලට ඇද හැළුනහොත් අත්වන ඉරණම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එමනිසා මෙම ජනතාව වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කිරීම වහා  සිදු කළ යුතුය”. 
උමා ඔය ව්‍යාපෘතිය නිසා උද්ගතව පවතින  ජනතා ගැටළු සම්බන්ධයෙන් හා ඊයේ (03) සිදුවීම සම්බන්ධයෙන් තමාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද  අමරවීර මහතා ඒ බව සඳහන් කර තිබේ. 
අමාත්‍ය අමරවීර මහතා උමා ඔය ගැටළු සොයා බැලීම  සදහා පත් කරන ලද අමාත්‍ය අනු කමිටුවේ සාමාජිකයකු ද වන අතර උමා ඔය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව හෙතෙම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත. 

ඇමති මහින්දානන්ද අමරවීර මහතාගේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ

 



අදහස් (3)

උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර

රොමේෂ් Tuesday, 04 July 2017 12:10 PM

මේ වගේ ඇමතිවරුන්ට ප්‍රයෝගික පාඩමක් කියාදුන්න ජනතාවට අපේ ප්‍රණාමය. මෙගොල්ලන්ට පාඩම් කියාදෙන්න ඕනා ප්‍රයෝගිකවම විතරයි. පාර්ලිමේන්තුවේ සීතල කාමරවල ඉඳන් අනුකමිටු වාර්තා හද හද මේ ව්‍යාපෘති හොඳයි කියපු අනික් අයත් අරගෙන ඇවිත් පරණ ගෙයකට දැම්මා නම් ඒ අයත් කියයි මේ ව්‍යාපෘතිය ඉවත්කරගන්න ඕනේ කියලා...

:       0       0

රංජිත් ආරියරත්න Tuesday, 04 July 2017 01:28 PM

1950 ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනය අද වන විට ඊට වඩා දියුණුවට ගොස් බහු කාර්ය යෝජනා ක්‍රම දක්වා සංවර්ධන වී ඇත. නමුත් අප තාක්ෂණය හා විද්‍යා දියුණුව අමතක කර 1970 ව දශකයටත් වඩා පසුපසට ගොස් ඇත බව උමා ඔය ව්‍යාපෘතියෙන් හොදින් පැහැදිළි වන්නේ කඩිනම් මහවැලි ව්‍යාපෘතියෙන් උමං මාර්ග 3 සදා ජල විදුලිය නිපදවමින් කෘෂි කර්මාන්තයට ජලය මෙවැනි ගැටලුවකින් තොරව ලබාදීමට හැකිවීමයි. එහිදී ව්‍යාපෘති සැලසුම ඉතා ක්‍රමවත්ව සිදුකර ඇති අතර නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කර ඇත. මෙයට දායකත්වය ලබාදුන් බොහෝ තාක්ෂණික විද්වතුන් තවමත් මෙහි සිටිනා බැවින් මෙම ගැටලුවේදී ඔවුන් ගේ සහය ලබාගන්නේ නම් මැනවි.

:       0       0

Lanka Perera Tuesday, 04 July 2017 06:22 PM

ඉතා සාධනීය වාර්තාවක්. මේ තීන්දු දේශපාලන තීන්දු නොවිය යුතු අතර විද්වත් තීන්දු විය යුතුය...මේ ගැටලුවෙන් දේශපාලන වාසි ගැනීමට සමහරු තැත් කිරීම ශෝචනීයය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site