IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නට යළි අවසර

(විනීතා එම්. ගමගේ)

කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් තහනම් කෙරුණු උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා ලබන සඳුදා සිට නැවත අවසර ලබා දීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලංකාදීපයට  පැවසීය.

මෙම අවසරයත් සමගම ඉන්දීය ධීවරයන් සමග සබඳතා  නොපවත්වා ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවර කාර්මිකයන් වග බලා ගත යුතු බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 උතුරු පළාතේ මුහුදේ සිදු කරන ධීවර කටයුතු බොහෝමයක් මෙම වසංගත තත්ත්වය සමග නවතා දැමීමට සිදුවූ බවත් මේ වනවිට සෑහෙන ප්‍රමාණයකට එම  තත්වය පාලනය වී ඇති බවත්  පැවසූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙන්නේ කොන්දේසි සහිතව බවත්  කියා සිටියේය.
එසේ කොන්දේසි සහිතව අවසර ලබා දෙන ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක සියල්ලේම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබා දුන් බවද හෙතෙම කියා සිටියේය.
 
කෙසේ වෙතත් බලපත්‍ර නිකුත් කරන්නේ කිමිදුම් ක්‍රම භාවිතා කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට පමණක් බවත්, සිලින්ඩර් යොදාගෙන ස්කුබා ඩයිවින්ග් ක්‍රමයට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර නොදෙනෙ බවත් අමාත්‍යවරයා කීය.
 කෙසේ වෙතත් කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මුළුරට පුරා බහුතරයක් රෝගීන් හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට රජය ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා දිය නොහැකි අතර උතුරු මුහුදේ ධීවර කර්මාන්තයට යම් ප්‍රමාණයක අවසර ලබා දී ඇති ස්ථාන වලද සෞඛ්‍ය නීතිරීති උපදෙස් පිළිපැදිය යුතු  බවත් දේවනන්දා මහතා කියා සිටියේය.



අදහස් (4)

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නට යළි අවසර

රටවැසියා Saturday, 14 November 2020 03:00 PM

මුහුදු කූඩැල්ලෝ කෑමක් විදිහට ගන්නවද?

:       1       6

chathura Saturday, 14 November 2020 03:52 PM

මේ සතුන්ව වියළා ආහාරයට ගත්විට වාජිකරණයක් ලෙස භාවිතා වේ. නමුත් වැඩිපුර ආහාරයට ගතහොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා.

:       0       0

wijaya Saturday, 14 November 2020 03:55 PM

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා කිව්වේ මේකට නේද?

:       0       0

Bishan Saturday, 14 November 2020 06:59 PM

මං හිතන්නේ "සර්" කන්නේ මේවා වෙන්න ඇති ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site