(මනෝප‍්‍රිය ගුණසේකර)
දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි එම සමාගම අද (9) කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඊ.ටී.අයි. මුල්‍ය සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි සමාගම් පනතේ 7 වැනි වගන්තිය යටතේ කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවයන් ඇතොත් ලබන 31 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කළේය.
එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ සමාගම් කිහිපයක් නම් කර ඇත.
සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලමින් එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම මඟින් සිය සමාගම දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව දැනුම් දුන්නේය.
සමාගමක් ප‍්‍රතිව්‍යුහගත කිරීමට නම් සමාගම් පනතේ 7 වැනි වගන්තිය යටතේ අනුමැතිය ලැබිය යුතු බව පෙන්වා දෙන පෙත්සම්කාර එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම මේ තත්වය හේතුවෙන් තම සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
අධිකරය හමුවේ ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ අධිකරණය මෙම පැමිණිල්ල ලබන 31 වැනි දා කැඳවීමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊටීඅයි මුල්‍ය සමාගම ප‍්‍රතිව්‍යුහගත කරන්න අවසර ඉල්ලයි
Mahee Friday, 10 August 2018 03:22 AM
අපට ආරංචි හැටියට නම් මහ බැංකුවේද කොහෙද කීප දෙනෙක් මේ සමාගමේ වත්කම් දිහා ගිජු ඇසින් බලා ඉන්නවලු.