IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉසුරුපායේ ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉවතට

(රංජන් කස්තුරි)
 
අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස් අයි.එම්.කේ.බී ඉංලගසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
 
ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස්වරයා ධුරයෙන් ඉවත් කිරීමට හේතුව අධ්‍යාපන අමාත්‍යංශය  මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
 
  2018 වසරට අදාල පෙළපොත් පාසල්වලට ලබාදීමේදී අධ්‍යාපන අමාතයංශය පෙළපොත්වලින් සියයට 50ක් පමණක් ලබාදී තිබූ අතර පෙර වරවසරවල භාවිත කළ අනෙකුත් පෙළපොත් භාවිත කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලාබ දී තිබිණි. මීට අමතරව අවශ්‍ය පෙළ පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වලින් මිලදී ගන්නා ලෙසද ගුවරුවරුන් පාසල් සිසුන්ට උපදෙස් ලබා දී තිබිණි.
 
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ලංකා ගුරු සංගමය සඳහන් කළේ  පාසල් සිසුන්ට පෙළ පොත් නොලැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙසයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා  ප්‍රකාශ කළේ ග්‍රන්ථ ප්‍රකාශන කොමාසරිස්වරයා ඉවත් කිරීමෙන් පමණක් පාසැල් සිසුන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවයි.



අදහස් (0)

ඉසුරුපායේ ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site