IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඉන්ෆ්ලුවෙන්සා දකුණේ හිස ඔසවයි

සිරංගිකා ලොකුකරවිට සහ  ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. 

විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙය ළමයින් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බවයි. පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ දී දරුවන් කිහිප දෙනකු මියයාමට හේතු වූ වෛරසය මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඒ පිළිබඳවද වැඩිදුර සොයා බලමින් පවතින බව හෙතෙම කීවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට  තංගල්ල ,  කඹුරුපිටිය හා කරාපිටිය රෝහල් වලින් වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ පිළිබඳ දැනටමත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුම්වත් කර ඇති බව ද හෙතෙම කීවේය.

මෙම ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට ගොදුරු වූ විට කිවිසුම් යාමේ වාර ගණන වැඩිවීම , උගුරේ තදබල වේදනාව , සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ඇති වන බවත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු හමුවී හෝ ප්‍රතිකාර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ආකාර තුනකට පැතිරෙයි. ඉන්ෆ්ලුවන්සා වෛරසය , ඇඩිනෝ වෛරසය , නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාර තුනෙන්ම මෙම රෝගය පැතිරෙන අතර මෙවර එම ආකාර තුනේම රෝගීන් දක්නට ලැබෙන බව ද හෙතෙම කීය.

යම් අයකුට මෙම රෝගය වැළඳී ඇතැයි සැකයක් පවතින්නේ නම් සෙනග ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටින ලෙසත් , දරුවන් නම් පාසල් නොයවන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දෙයි. එමෙන්ම කිවිසුම් යාමේ දී මුඛය ආවරණය කරගන්නා ලෙස ද දෑත් හොඳින් සබන් යොදා සෝදන ලෙසද වෛද්‍යවරු දැනුම් දෙති.

මෙම රෝගී තත්ත්වය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය. කරාපිටිය රෝහලේ මෙම රෝගින් සඳහා වෙනම කොටසක් වෙන්කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

උණ අඩුකිරීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවත්  හුස්ම ගැනීම පහසු කිරීම , විවේකය හා පෝෂ්‍යදායී ආහාර මෙම රෝගීන් සඳහා ලබාදිය යුතු බව වෛද්‍යවරයා පවසයි.

අධ්‍යක්ෂකවරයා අවධාරණය කර සිටින්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැලඳුනු දරුවන් පාසැල් යැවීමෙන් වැලකී සිටින ලෙසයි. ප්‍රධන වශයෙන් සෙනග ගැවසෙන ස්ථාන වලින් ඈත් වී සිටින ලෙසද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විට මුව වැස්මක් පාවිච්චි කරන ලෙසද අධ්‍යක්ෂකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (1)

ඉන්ෆ්ලුවෙන්සා දකුණේ හිස ඔසවයි

Sirangika Wednesday, 16 May 2018 05:22 AM

හොරුන්ව එලවලා වැඩක් කරන මිනිහෙක් පත් කරපු දාට ඕවා ගොඩක් දුරට අඩුවෙයි කියලයි අපේ නම් අදහස.

:       45       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site