(දිල්රුක්ෂි ග්‍රේරු)
ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
ඊයේ මධ්‍යම රත්‍රියේ සිටඅයි.ඕ.සි සමාඟම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළේය.
මේ සම්බන්ධව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා සඳහන් කළේ ඔවුන් කිසිම අයුරකින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල වැඩිකලා කියලා තමන්ට අවශ්‍ය තෝරා බේරාගත් "වොයිස් කට්" පමණක් පෙන්වමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය කට්ටිය මේ ප්‍රවෘත්තියටත් එතරම්ම ප්‍රසිද්ධියක් දෙයි කියලද හිතන්නේ?
සාමාන්‍යයෙන් දෙගොල්ලොම එකට වැඩි කරන්නේ. තව සතියක් යන්න කළින් තෙල් වැඩි කරාවි. පසුව කියාවි අයි.ඕ.සී. ගේ ඉල්ලීම පරිදි වැඩි කරයි කියලා. ඕක තමයි ඉතිහාසයේ වුණේ...
අයියා අැමැතිතුමා. මල්ලි සභාපති. නරකම නැහැ.
බලමු කොච්චර කල් වැඩි නොකර, ඔය ගණන්වලම තියා ගෙන ඉඳීවිදි කියලා.
කවුද කියන්නේ වැඩි කරනවා කියල..කවදාවත් එහෙම කරන්නේ නෑ.කරන්නේ ඉන්දියන් සමාගමේ පවතින මිලට පෙට්‍රෝලියම් එකේ මිලත් ගෙන එක විතරයි
නෝනා මහත්වරුනි කස කරු පැමිණ ඇත. පෙරහැර ළඟම ඇත.
හා හා ළමයිනේ, මේ යහපාලනේ දැන්ම ගණන් මිනුම් වැඩි කරන්නේ නැහැ. ඕවා කරන්නේ හීන් නූලෙන්. තව ටික දවසක් ඉවසගෙන ඉන්නකෝ. අපේ හිටන් මාමයි, බැංකු හොරා මාමයි ටික දවකින් ඕක වැඩි කරයි ඇඟට පතට නොදැනී මහා බැංකු පාඩුව අපෙන් අය කර ගන්න. යහපාලනේට ඡන්දෙ දුන්න බබාලට සන්තෝසයි නේද ගොඩක් පෙට්‍රල් වැඩි කරන එකට. ඔබට සතුටුයිද දැන්......?