ශ්රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කින් තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 15 ක් සහ කොවිලම් තුඩුවට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 7.5 ක් පමණ දුරකදී එම ධිවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් ඔවුන් මසුන් අල්ලා ඇතැයි නාවික හමුදාව කියයි. දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd