IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉන්දීය ධීවරයින් 27ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

වන්නි රොමේෂ් මධුෂංඛ
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු සහ ධීවර යාත්‍රා 04 ක් අද (11) උතුරු නාවික විධානයට අයත් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ සිට යාපනය මුහුදු සීමාවේ ඩෙල්ෆ් මුහුදු තීරයේදී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතරම ධීවරයින් පිරිස අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් අල්ලා සිටි මසුන් හා ජංගම දුරකතන හා සන්නිවේදන උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ධීවරයින් නාවික හමුදාව විසින් පළමුව වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හරහා යාපනය සහකාර ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන ඇති අතරම සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

ඉන්දීය ධීවරයින් 27ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site