පාකිස්තානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් පුහුණු කඳවුරක සිටි සටන්කාමීන් සිය ගණනක් ඝාතනය කළ බව ඉන්දීය රජය විසින් නිවේදනය කරනු ලැබීමත් සමඟ එරට විදීවල සැමරුම් උත්සව පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජනතාවගේ එම ප්‍රතිචාරයත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියතාව නැවත වරක් ඉහළ යනු ඇතැයි පැවසේ. ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අතර ගොවිපොළ හා කෘෂිකර්මාන්තයෙන් අඩු ආදායම් ලැබුණත් රැකියා වර්ධනය දුර්වල වුවත් දේශප්‍රේමය මැතිවරණයට විශාල බලපෑමක් කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දීය ගුවන් හමුදා එලෙස ගුවන් ප්‍රහාර එල්ල කළේය. පෙබරවාරි 14 වැනිදා එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි. ඉන්දීය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරන ලද්දේ එම සංවිධානයේ ඉලක්ක වෙතය. ඉන්දීය ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරවලින් එම සංවිධානයේ පුහුණු කඳවුරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් සටන්කාමීන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට බලධාරීහු සඳහන් කළහ.
ඉන්දීය ගුවන් හමුදාව එල්ල කරන ලද ප්‍රහාරවලින් කිසිදු හානියක් වී නැතැයි සටන්කාමීන් කිසිවකුත් මියගිය හෝ තුවාල ලැබූ බවට තොරතුරු ලැබී නැතැයි ද පාකිස්තානය නිවේදනය කළේය.
(රොයිටර් ඇසුරිනි
055)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවේ ප්‍රහාරයෙන් පසු සතුට සමරා උත්සව
fasmy Wednesday, 27 February 2019 07:04 AM
මෝඩි ගේ දේශපාලනය වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් මොධි හොදටම බංකලොත් වෙලා හිටියේ මේක ඉන්දීය දේශපාලනයේ ජාතිවාදය නියෙමෙට වැඩ කරනවා
rihan Wednesday, 27 February 2019 08:39 AM
බැලින්නම් දේශපාලනයත් පාතාලය හා සමානයි
Mahee Wednesday, 27 February 2019 09:09 AM
ලෝක ඉතිහාසය යනු මෝඩ අහංකාර නායකයන් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් දිවිපිදීමේ ඉතිහාසයයි. ඒ උද්ධච්ච නායකයන් ජාතික වීරයින් ලෙසත්, මැරුණු සාමාන්‍ය මිනිසුන් දේශප්‍රේමීන් ලෙසත් ආරුඪ නම් වලින් හඳුන්වනු ලැබේ.
චතුරංග Wednesday, 27 February 2019 09:17 AM
හොද ලිපියක්. ලංකාවෙ මිනිස්සුන්ට හිතනවනම් හිතන්නට යමක්.
smn Wednesday, 27 February 2019 10:28 AM
මේ වනවිට පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් යානා දෙකක් වෙඩි තියා බිම හෙලා තියෙන වග මේ උදවිය දන්නැද්ද?
Bamunuarachchi Wednesday, 27 February 2019 05:29 PM
ඒ වගේම තමයි පැරදුනාම ගල් ගහන්නේ ගෙවල් ගිනි තියන්නේ ඒ අතින් නරකම ජාතියක්.