IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඉන්දියාව තෙල් මිල අඩු කරයි

මුම්බායිහිදීය (රොයිටර්/එන්.ඩී.ටීවී)
 
පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. 
 
මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර මේ නිසා රජයට අයත් ඛනිජ තෙල් අලෙවිකරණ සමාගම්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද පැවසේ. 
 
රජය ගත් මෙම පියවර නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රජයේ පාලනයට නතුවනු ඇතැයි ද බියක් හටගෙන ඇත. වසර 2012 දක්වා පෙට්‍රල් මිලත් 2014 වසර දක්වා ඩීසල් මිලත් නියාමනය කරන ලද්දේ ඉන්දීය රජයයි. 
 
දිගින් දිගටම ඉන්ධන මිල ගණන් ඉහළ යෑමෙන් ජනතාවට එල්ල වූ පීඩනයත් ඉන්දීය රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමත් නිසා එලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රුපියල් 2.50කින් පහත දැමීමට ඉන්දීය රජය පියවර ගත්තේය. 
 
පෙට්‍රල් සහ ඩීසල් මත පනවා තිබූ බදු අඩු කරමින් ඉන්දීය රජය එලෙස මිල ගණන් අඩු කර ඇත. 
 
055



අදහස් (14)

ඉන්දියාව තෙල් මිල අඩු කරයි

OMG Friday, 05 October 2018 05:05 PM

අපේ කවදද අඩු වෙන්නේ?

:       17       132

LIYANA ARACHCHI Friday, 05 October 2018 08:31 PM

අපේ කවදද අඩු වෙන්නේ?

:       0       17

Ranjana Friday, 05 October 2018 05:05 PM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ

:       202       248

raviSaturday, 06 October 2018 08:16 AM

ඉන්දියාවට මේ ශක්තිය ලැබුනේ.. එයාලට $.. ප්‍රශ්න නැතිනිසා... අතීතයේ සිටම " ඉන්දියාව " ආනයනය කිරීමෙන් වැළකී සිටීම නිසා.. ඉතින් අපි කෙරුවේ මොකක්ද? පිටරටවල්වලින් ණයට ආනයනය කරමින්... කකා..බිබී... ජොලියේ කාලය ගතකෙරුවා පමණයි. අපේ රටට ප්‍රශ්න වැඩිවෙන්න.. වැඩිවෙන්න.. ඉන්දියාවට හොඳ කලදසාවක් උදාවෙන බව නියතයි ..!

:       157       125

himal Friday, 05 October 2018 06:25 PM

මෙතන තිබෙන්නේ ‍තෝරාගැනීම ගැන ගැටළුවක්. ඛනිජ තෙල් සඳහා අය කරන බදු කපා හැර තෙල් මිල පහත හෙලුවොත් ඒ බදු මඟින් කළ හැකිව තිබූ රාජ්‍ය වියදම් කපා හරින්න හෝ අඩු කරපු බදු වෙනුවෙන් වෙනත් ක්‍රමයකින් බදු අය කරන්න වෙනවා. ඒකියන්නේ තෙල් මිල අඩු කරපු එක යම් පිරිසක් සෘජු ලෙස ප්‍රතිලාභ ලබද්දි වක්‍රාකාරව අඩුම තරමේ භූමිතෙල් ලාම්පුවක්වත් භාවිතා නොකරන පිරිසක් ඒ වැය දරනවා. එය ආර්ථික සාධාරණත්වය මත තීරණය කරන්න වෙනවා.

:       0       30

lalith Friday, 05 October 2018 06:50 PM

අපිත් සුත්තරේට දාල බලමු. සමහරවිට වැඩිවෙන්නත් බැරි නැහැ.

:       1       37

sam Friday, 05 October 2018 09:24 PM

මිල අඩු කළාට පසුවත් පැට්‍රල් ලීටරයක් ලංකාවේ මුදලේ වටිනාකම අනුව රුපියල් 190 ක් පමණ සහ ඩීසල් රුපියල් 170ක් පමණ වෙන බව කවුරුවත් කියන්නේ නැත්තේ ඇයි?

:       0       20

සඳුන් Saturday, 06 October 2018 12:00 AM

අපේ ඉන්න වැඩ බැරි ටාසන්ලා ටික ඕකටත් මොකක් හරි වචනයක් හදා ගනියි ලංකාවෙ අඩු නොකර ඉන්න.

:       1       57

De silva Saturday, 06 October 2018 12:39 AM

මේ අවස්ථාවේ රටේ ආර්ථිකය සහ ආණ්ඩුවට තිබෙන ජනතා ප්‍රසාදය ආරක්ෂා කරගැනීමට නම් කල යුත්තේ, තෙල් වලට ගහන විශාල බද්දෙන් සුළු ප්‍රමාණයක් අඩුකර ජනතාවට යම්කිසි සහනයක් දීමය. මැති ඇමතිවරුන්ට දෙන කෝටි 3-4 වාහන ගෙන්වීම මාස 6 කට සිමා කිරීම පමණක් ප්‍රමාණවත් නොමැත, හරිනම් මොවුන්ට දෙන වාහන බලපත්‍ර වලට රජයේ නිලධාරීන්ට දෙන බලපත්‍ර වලට මෙන් සීමාවක් පැනවිය යුතුය. ඩිසල් වාහන නම් සිලින්ඩර් ධාරිතාව 3000 හොඳටම ප්‍රමාණවත්. පැට්‍රොල් නම් 2000 හොඳටම ප්‍රමාණවත්, මොවුන්ට ලොකු වාහන දුන්නොත් මොවුන්ට දෙන නොමිලේ ඉන්ධන සදහා විශාල මුදලක් ගෙවීමට බදු ගෙවන ජනතාවට සිදුවේ.

:       0       14

NuwanSunday, 07 October 2018 05:46 AM

හරියට හරි.. මෙයාලට ලාන්සර් කාර් එකක් තිබ්බම හොදටම ඇති, ඔය ජවිපෙ මන්ත්‍රීවරු ඩබල් කැබ් එකෙන් යනවනම් ඇයි අනිත් පක්ෂවල අයට ලීටරයට කිලෝ මීටර 4ක් විතර දුවන කෝටි 4.50 වටිනා වී8 ලෑන්ඩ්කෘසර්

:       0       0

tikka Saturday, 06 October 2018 05:09 AM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ

:       4       31

Hafeel Saturday, 06 October 2018 11:35 AM

අපිට වගේ ඉන්දියාවට ආසියාවේ හොඳම මුදල් ඇමැතිත් නැහැ. නමුත් එයාලා අඩුකරලා තියන්නේ.

:       0       63

maaraya Saturday, 06 October 2018 02:50 PM

දැන් මොකද ඉන්දියාවේ නිවුස් අපිට? අපිත් එයාලගේද? එයාලත් අපේද?

:       0       0

K.A.Darshana Hasaranga Saturday, 06 October 2018 03:00 PM

අපේ රටේ කවදාවත් තෙල් මිල අඩුවෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30995 35


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13132 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 870 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 909 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site