IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉඩම් පනත නැති නිසා අපදා වැළැක්වීම අපහසුයි

සිරංගිකා ලොකුකරවිට

  ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම ආපදා තත්ත්වයන් වළක්වාගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී එස්.කේ.දෙනියගෙදර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද  පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අදහස් දක්වමිනි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ දෙණියගේ මහතා මෙසේ ද කීවේය.

‘ජනතාව අවිධිමත් ලෙස ඉඩම් පරිහරණය කිරීම, භූ විෂමතාව වෙනස් කිරීම හා අනවසර ඉදිකිරීම් ස්වභාවික ආපදාවලට හේතුවෙනවා. නමුත් මේ විදියට අවිධිමත් ලෙස කරන ඉදිකිරීම් හා භූමි පරිභෝජනයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න අපිට නීතිමය බලතල නැහැ. මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ 2009 වර්ෂයේ දී ඉදිරිපත් කර ඇති ජාතික ඉඩම් පරිහරණ පනත මෙතෙක් සම්මත නොවීම. ඒ නිසා අපිට ආපදා වළක්වන්න නෛතික පියවර ගත නොහැකි වී තිඛෙනවා.

ජාතික ඉඩම් පරිහරණ පනත නීතිපත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන නොමැත. නමුත් 2009 සිට පත්වූ සෑම ඉඩම් කොමිසමකින් ම නිර්දේශ කර ඇත්තේ ඉඩම් පරිහරණ පනත සම්මත කළ යුතු බවයි. එම පනත මගින් පහත් බිම් ගොඩකිරීම, අංශක 60ට වඩා වැඩි ආනතියක් ඇති ස්ථානයන්හි ඉදිකිරීම්, නායයාමට ඉඩ ඇති ස්ථානයන් හි ඉඩම් භාවිතා කිරීම සම්බන්ධ නීති සැකසීමට නියමිතය. ‘



අදහස් (2)

ඉඩම් පනත නැති නිසා අපදා වැළැක්වීම අපහසුයි

දිනේෂ් Friday, 23 June 2017 02:00 AM

කොන්ද පන තිබුණා නම් ඔබතුමාට ගාල්ල බේර ගන්න තිබුණා. තමන්ගෙ රාජකාරිය හරියට කරන්න. ගැටළු තියෙනවනම් උසස් නිලධාරීන්ට දන්වල උපදෙස් ගන්න... කර ඇරල යන්න පුරුදු වෙන්න එපා. වෙනත් විකල්ප ඇත්තෙම නැද්ද?

:       0       0

sugathapala Friday, 23 June 2017 04:57 AM

කතාව සම්පුර්ණ ඇත්ත මේක ලොකු නිළධාරින්ට නොතේරුන එකනේ පුදුම නේද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site