(අමල් වික්‍රමරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 70 වන සැතපුම් කනුව අසල වතුයායකට අයත් නිවාස 08 ගිනිගනිමින් ඇතැයි ඇල්පිටිය පොලිස් කොට්ටාශයෙන් වාර්තාවේ.
මෙම ගිනිගැනීමට ලක්වී ඇත්තේ ඇල්පිටිය දිවිතුර වතුයායට අයත් ලයින් පේළියකට අයත් නිවාස 08 ක් බව පොලිසිය පවසයි.
මෙම ගින්න නිවා දැමීම සදහා අධිවේගී මාර්ගයට අයත් ගිනි නිවන රථ මේවනවිටත් ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පැවසේ..
මෙම නිවාස ගිනිගත්තාද කිසිවකු විසින් ගිනිතැබුවාදැයි පරීක්ෂණ පැවැත්වෙන අතර සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති බව සඳහන් කරයි. ධිවේගී මාර්ගයේ ධාවන කටයුතු වලට කිසිදු බාධාවක් සිදුව නැතැයි අධිවේගී මාර්ග තොරතුරු වලින් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd